මුහුදු පතුලේ වැවෙන සුන්දර කෙල්ප් වනාන්තර
අපේ රට ගහකොළ වලින් සපිරි සුන්දර රටක්. මේ නිසාම හරිත වර්ණයෙන් බැබලෙන වන ලැහැබ්වලට අපි බෙහෙවින් ප්‍රිය කරනවා. සිංහරාජය වැනි ලෝක උරුම වැසි වනාන්තර, ඇමේසන් වැනි ලෝකප්‍රකට වනාන්තර ගැන තොරතුරු අපි දන්නවා වුවත් දිය යට එනම් මහසයුරේ තිබෙන කෙල්ප් වනාන්තර පිළිබඳව තොරතුරු දන්නා පිරිස තරමක් අඩුයි. කෙල්ප් වනාන්තර යනු නොගැඹුරු මුහුදේ දක්නට ලැබෙන කෙල්ප් පැළෑටි වලින් සැදුම්ලත් පරිසර පද්ධතියක්. පෙනුමෙන් ශාක මෙන් දිස් වූවත් සැබැවින්ම කෙල්ප් යනු දුඹුරු ඇල්ගී විශේෂයක් වනවා. සමහර කෙල්ප් විශේෂ වලට දිය යට මීටර් 45ක් පමණ විශාල උසකට වැඩීමට හැකියාව තිබේ. එසේම අවට පරිසරය හිතකරව තිබෙන විට දිනකට සෙන්ටිමීටර 45ක් පමණ වැවෙන්නේ ඉතා ඉක්මනින් කෙල්ප් වලට පැතිරීමට හැකියාව ලබාදෙමීනි.
මෙම කෙල්ප් පෝෂ්‍ය පදාර්ථ සපිරි සීතල ජලයේ ඉතා හොඳින් වැඩෙන අතර නොගැඹුරු මුහුදු පතුලේ වැඩී ජලය මතුපිටට පැමිණ හිරු එළිය මගින් ශක්තිය හා ආහාර නිපදවා ගනියි. අනෙකුත් වනාන්තරයන් මෙන්ම කෙල්ප් වනාන්තරයන්ද බොහෝමයක් ජීවීන්ගේ වාසස්ථාන සලසා දෙයි. ඉස්සන් වැනි සතුන්ට, මත්ස්‍යයන්ට හා අනෙකුත් ජීවීන්ට කෙල්ප් වනය තුළ ආරක්ෂාකාරී ලෙසින් ජීවත්වීමට හැකියාව තිබෙන නිසා එවැනි බොහෝ සතුන් කෙල්ප් වනය තුළ නිරන්තරයෙන් දක්නට ලැබේ.
කෙල්ප් වනාන්තර, කඩොලාන හා කොරළ්පර වලටත් වඩා බාහිර පාරිසරික වෙනස්වීම් වලට බොහෝ සෙයින් සංවේදී පරිසර විශේෂයකි. මේ නිසාම කෙල්ප් වනාන්තර ඉතා ඉක්මනින් නැතිවී යාමට හැකියාව තිබෙන අතර නැවත ඉතා ඉක්මනින් වර්ධනය වීමටද හැකියාව තිබේ. මෙම සංවේදීතාව නිසා ගෝලීය උණුසුම්වීම වැනි පාරිසරික විපත් වල තීව්‍රතාව මැනීමට මෙම කෙල්ප් වනාන්තර යොදා ගනියි. මුහුදු ජලය උණුසුම් වීම, විශාල දියවැල් හා මුහුදු ඉකිරින්ගේ ආහාරයට ලක්වීම නිසා කෙල්ප් වනාන්තර දිනෙන් දින මෙළොවින් ඉවත් වී යයි. මීට අමතරව මිනිසා විසින් මසුන් ඇල්ලීමට යොදා ගන්නා විනාශකාරී ක්‍රම, වෙරළබඩ පරිසරය විනාශ කිරීම හා අපවිත්‍ර කිරීම නිසාද කෙල්ප් වනාන්තර අද වන විට විනාශ වී යාමට පටන්ගෙන තිබේ. මේ නිසාම එමඟින් රැකෙනා මත්ස්‍ය ප්‍රජාවද අඩු වන නිසා එයින් ධීවර කර්මාන්තයට ද බලපෑමක් එල්ල වේ.
ලංකාව හා අනෙකුත් සමකය ආසන්න රටවල් වල දකින්නට නොලැබුණත් සීතල ජලය සහිත ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය වැනි රටවල් වල මෙම කෙල්ප් වනයන් දකින්නට ලැබේ.
wade mattu neda sinhala wunath scan wenawa neda
wadee maattu venne nathi venna nathi venne karanna puluvan kramayak hoyagaththa ban
Ah unicode convertere ekakata dala ganin.ethakota no maattu
ah oya hoyagena thiyenne...ow...ehema karamaha vadee goda