ලොව භයානකම පොත📖️

ලොව භයානක පොත් කිහිපයක්ම තිබේ ඒ අතුරුන් වඩාත්ම භයානක පොත ලෙසට හදුන්වන්නේ මාරි කියුරිගේ Note Book එකවේ.

gettyimages-526101510-612x612.jpg

source

මාරි කියුරිගේ පොත් විතරක්ම නෙවෙයි සෑම දෙයක්ම භාවිතා කල සියලූම දෙයක්ම පාහේ එනම් ඇදුම් පැලදුම් ඒවගේම ගෙදර සෑම දෙයක්ම භයානකයි.ඊට හේතුව මාරි සිය පරීක්ෂණයන් සිදු කලේ Radiation එකත් එක්ක.ඒවාගෙන් ලොකු හානියක් වෙන බව නොදැන ඇය ප්ලූටෝනියම්,තෝරියම් කෑලි සාක්කුවේ දාගෙන සිටි බව පොතවල සදහන් වෙනවා.

මාරිගේ notes අදටත් පරිස්සමට තබා තිබෙනවා.ඒවා කියවීමටනම් වෙනමම කාමරයක් තියෙනවා,ඒවගෙම වෙනමම ඇදුමුත් තියෙනවා.මොකද කිසිම ආරක්ෂාවක් නොමැතිව ගියොත් එන්න වෙන්නේ ජීවිත කාලයෙන් යම් කාලයක් නැති කරගෙනයි.

මාරි සිය සැමියා පියරේ සමගින් 1903 දී Physical Science සදහා නොබෙල් සම්මානය දිනාගනිමින් ගෝලීය ගෞරවයට පත් වෙනවා.ඉන්පසු කියුරී නැවතත් 1911 දී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් සම්මානය දිනාගන්නනවා.ඒ අනුව නොබෙල් සම්මානය දිනූ එකම කාන්තාව වී සිටි කියුරී,එය දෙවරක් දිනූ එකම කාන්තාව බවට පත්විය.අද වනවිටත් කිෂේත්‍රයන් දෙකක් උදෙසා නොබෙල් සම්මාන දිනූ එකම පුද්ගලයා මාරි කියුරි වේ.

Pierre_and_Marie_Curie.jpg

source

විකිරණ මත දිගින් දිගටම සිය දහස්වාරයක් නිරාවරණය වීම මත හටගත් රුධිරගත පිළිකාවක් හේතුවෙන් අවුරුදු 66 දී ඇය අභාවප්‍රාප්ත විය.අදටත් ඇය අතින් ඇල්ලූ දොරගුළු මත මෙන්ම,ඇයගේ සටහන් පොත් තුළ එමෙන්ම මුළුතැන්ගෙයි ආම්පන්න තුළ මෙන්ම ඇයගේ මළසිරුරින් පවා එම මාරාන්තික විකිරණ වෑස්සෙන බැවින් පැරීසියේ පැන්තියෝන් හී සුසානාගාරයෙහී අගලක ඝනකම් ඊයම් බදුනක බහා නිධන් කොට තිබේ.ඊට හේතුව ඈ අත තිබූ සියල්ලගෙන්ම පාහේ අවම වශයෙන් වර්ෂ 3400ක් යනතුරු වත් විකිරණ මුදාහැරෙන බවට සොයාගෙන තිබෙන නිසාය.

marie.jpeg

source

මාරිගේ ආදරණීය සැමියා පැරිසියේ වීදියක් හරහා යමින් සිටියදී අශ්ව කරත්තයක ගැටී මියගොස් තිබේ.ඔහුද රේඩියම් ආශ්‍රිත පිලිකාවට ගොදුරු වී මියයාමට සිටිය අයෙක් බවට බොහෝදෙනා පවසා තිබේ.නමුත් ඔහුගේ වාසනාවට දුක් නොවිදම තම ජීවිතයෙන් ඔහු සමුගත්තා.

ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ අයරීන් දෙමාපියන්ගේම අඩිපාරේ යමින් රසායන විද්‍යාව පිළිබදව වූ නොබෙල් සම්මානය 1935දී කෘතීම විකිරණශීලිතාව සම්බන්ධ වූ සොයාගැනීම් උදෙසා දිනාගනියි.

මාරිගේ දෙවන දියණිය සාහිත්‍යය සදහා නැඹුරු වූ අයෙක්විය.ඇය නොබෙල් සම්මාන කිසිවක් දිනානොගනී.නමුත් ඇය ආයුෂය දිනාගනියි.ඇය වසර 102 ආයුෂ විදි අයෙකි.

කියුරි පවුලේ මුල් සාමාජිකයින් හයෙන් පස් දෙනෙකු නොබෙල් සම්මාන දිනාගත් අයවෙයි.එම පවුල සතු මුල් නොබෙල් සම්මාන ගණන හයක් වෙයි.

1434920953966.jpg

source

එක්සත් ජාතීන්ගේ පිළිගත් රාජ්‍ය අතරින් රටවල් 116ක් එකම හෝ සම්මානයක් හිමිකරගෙන නොමැති රටවල් වේ.ආසියාව ගත් විට ඉන්දියාව සම්මාන දොළහක් මෙන්ම පකිස්ථානය හා බංග්ලාදේශය සම්මාන දෙක බැගින් දිනාගෙන තිබේ.ඒවගේම ඉතියෝපියාව,කෙන්යාව වගේම අසර්බයිජානයද සම්මාන එක බැගින් දිනාගෙන ඇත.නමුත් අපි?😐

Sort:  

Wow, what a beautiful family that was, they really lived a life of impart. I wish to have a family always seeking after knowledge as well.

Knowledge has more power than aything else in this whole world.

Yes, that's correct.

This is interesting. I've read some facts, but not this much. She did something great for this world.

Yes,Something great and something that people will never forget..

Oya wage dewal ekk wada karana eka bayanakaine. Mth ahala thiyr oya kathawa..eth godak dewal aluthin danagtt meka kiyawala

Rediumවල භයානකකම දැනගත්තේ කියුරිගේ මරනයෙන් පස්සේ.ඒ වෙනකම් කවුරුත් දැනගෙන ඉදලා නැහැ.

Article 1 ma asawen kiyewwe. Eththata.a man mewa denagena udiye na. Very good. Thanks malli

ගොඩක් දේවල් දැනගත්ත ගොඩක් වටිනව 😍 අපිටත් කවදහරි නොබෙල් ත්‍යාගයක් දිනාගන්න පුලුවන් වෙයි කියල හිතනව 😐😐😐

ඒ තැනට යන්න පුළුවන් දක්ශයන් ඉන්නවා ඒත් අපේ රටේ හරි system එකක් නැති නිසා ඒ අයට ඔලුවක් උස්සන්න හම්බවෙන්නේ නැහැ

ගොඩක් අලුත් දේවල් දැනගත්ත. නියම ආර්ටිකල් එකක් 😍

Thanks brother...

මාරි...කියුරි ගැන ගොඩක් විස්තර දැන ගත්තා...
නියමයි.

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.028
BTC 57292.40
ETH 3073.43
USDT 1.00
SBD 2.32