මීමුරේ මතක..
අවුරුද්දක විතර විරාමයකින් පස්සෙ ආපහු සමූහයට ගොඩ වදින්න හිතුන..අවුරුද්දක් විතර සද්ද නැතුව හිටියට, සැරින් සැරේ ඇවිල්ල දාපු පෝස්ට් බලල යන්න අමතක කරේ නෑ..කාලෙකට පස්සෙ දාන පළවෙනි පෝස්ට් එක වගේම සිංහලෙන් දාන පළවෙනි එක..ලස්සනට ලියන්න තේරෙන්නෙ නැති උනත් බුකියෙ මේ දවස් වල උඩට එන memory එකක් නිසා මේක ලියන්නම හිතුනා..
විශ්ව විද්‍යාල ජීවිතය කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතයේ සුන්දරතම අත්දැකීමක්..ඒ, ඒ ජීවිතේ ඒකාකාර නොවෙන නිසා..ඒකාකාර වේගෙන ආවොත් ඒකෙන් මිදෙන්න ක්‍රම ගොඩ තියෙන නිසා..මීට අවුරුදු හතරකට විතර කලින් ආං එහෙම ඒකාකාර බවකින් මිදෙන්න කියල හිතාගෙන අපේ ඩිපාට්මන්ට් එකේ අය පොඩි ට්‍රිප් එකක් සංවිදානය කරා..අන්තිමට එකග උනේ දවස් දෙකක් මීමුරේ යන්න..80 ක් විතර බැච් එකේ හිටියට අන්තිමට ඉතුරු උනේ 25ක්විතර..කොහොමහරි රෑ 12 ට විතර කැම්පස් එක ගාවින් පුංචි පරණ රෝස බස් එකක කෙමිකල් එකේ දෙවනි ට්‍රිප් එක යන්න පිටත් උනා..
ගමනේ පළවෙනි පැය කීපය ගෙවුනේ අර ආපු නැති අය සහ එනව කියල අන්තිම මොහොතෙ පොල්ල තිබ්බ අයගෙ ගුණ වර්ණනා කරමින්..පාන්දර තුනහමාර විතර වෙද්දි නුවරට කිට්ටු කරන්න පුළුවන් උනා හිරිපොද වැස්සෙම..නුවරඑළිය ඉදන් එන තව යාලුවෙක් නුවරදි සෙට් වෙන්න තව පැයක් විතර තිබ්බ නිසා හැමෝටම පාන්දරම දළදා මාලිගාවට ගිහින් වැදපුදාගන්න පුලුවන් උනා..ඒක පාන්දර නුවර හිරිකඩ එක්ක දැනෙන සීතලයි, මාලිගාවෙ අභිමානයයි, ගමනේ කුතුහලයයි එකතු උනාම දැනුන හැගීමට අපි ගොඩක් ආස කළා..වැව රව්ම දිගේ මාලිගාව දිහා බලාගෙන යාලුවොත් එක්ක කයියක් ගහගෙන හිරිපොද වැස්සෙ ඇවිදන් යනකොට තමයි තේරුනේ ඇත්තටම... හවස් නොවුනත් නුවර ලස්සන වැස්සට තමයි කියල..
මාළිගාවෙන් ගමන් ආරම්භ කරල දිගන පාරෙ ගිහින් හුන්නස්ගිරිය හරියෙන් මීමුරේට හැරෙව්වම තියෙන භූමි දර්ශන නම් අතිශයින්ම සිත් ගන්නාසුලුයි..ඒ කාලේ ගම සමග පිළිසදර මීමුරේට යන්න හිතලවත් තිබ්බෙ නැති නිසා මීමුරේ පාර සෑහෙන්න අබලන් වෙලා තිබ්බෙ..කීප පාරක්ම බස් එකෙන් බැහල එන්න, තලු කරන්න සිද්ද උනා අපට..ගමනේ එන්න එන්න පාර අබලන් වෙනව වගේම මනුශ්‍ය ජනාවාස වලින් ඈතට ඈතට යනව..ඒ කියන්නෙ තව තවත් පරිසරයේ ලස්සන වැඩි වෙනව. අතරමගදි හම්බුන හුළං කපොල්ලෙ බැහැල දරාගන්න බැරි සීතල සුළං විදින්නත් පිංතූරයක් දෙකක් ගන්නත් අමතක කරේ නෑ..ඒ සීතලේ ප්‍රතිපල ආවෙ ටිකකට පස්සෙ..කොල්ලො ටික නම් පාර අයිනෙ පදුරු ටිකක් අස්සට වැදුන...කෙල්ලො? පාර අයිනෙ තිබ්බ දෙමළ ලයිමකට!
කොහොම හරි හුන්නස්ගිරිය මීමුරේ පාරෙ පැය හතරකට විතර පස්සෙ සුන්දර මීමුරේ ගම්මානෙට ළගා වෙන්න අපට පුලුවන් උනා..මතකහැටියට ගමටම තිබ්බෙ එක කඩයයි..ඕන කරපු අනම් මනම් බඩු ටිකකුත් අරගෙන අපි වෙනුවෙන් සූදානම් කරල තිබ්බ කූඩරම් හොයාගෙන තව මීටර් 500 ක් විතර කුඹුරු උඩින් දොළ පාරවල් හරහා යන්න සිද්ද උනා..හැමෝම බඩගින්නෙ හිටපු නිසා අපට සූදානම් කරල තිබ්බ කෑම ඉක්මනටම කාල ලග තිබ්බ ගල් තලාවක හාන්සි වෙලා හැමෝම ගිමන් හැරිය..ගමේදි අපිව ගයිඩ් කරේ ඔක්කොම පහසුකම් සැපයුවෙ ගමේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මහත්තය!
මීමුරේ ගම්මනය ඇතුලෙ වැඩ ටික පටන් ගත්තෙ ඊට පස්සෙ..සූරිය අරණෙ න් දැකපු ගම ඇත්තටම කොහෙ ද තියෙන්නෙ කියල මට වගේම ඔයාලටත් ඒ කාලෙ ලොකු කුතුහලයක් තියෙන්න ඇති..ඉතින් එහෙම කුතුහලයක් තිබ්බ ගම්මනෙ ඇතුලට එන්න ලැබීම ගැන ලොකු සතුටක් තිබුනත් සංචාරකයො කීප දෙනෙක් ඒ වෙනකොටත් හිටපු නිසා චිත්‍රපටියෙ දැකපු සුන්දරත්වය නිදහසම අත්විදින්න පුලුවන් වෙයිද කියල බයකුත් තිබුන..
ගමනෙ ඉතුරු කොටස ගැන ඊළග කොටසින් කියන්නම්..ඒ වෙද්දි සංචාරකයො මීමුරේ එන්න පටන් ගෙන තිබුනත් ඉදුල් නොවුන දේවල් දෙකක් එහේ තිබුන..
ඒ මීමුරේ මිනිස්සුන්ගෙ අව්‍යාජත්වයයි, සුන්දර කොළ පාට පරිසරයයි...
-Ceylonese Eye-
hi me photo eke inne oyada?
ape gedara pothak thiynawa මීමුරේ kiyala. kawadawath nogiyata mage hithe මීමුරේ kiyala mawan inn chithrayak thiynawa
Mama newei 😌
Dn nam wagon r ekakata yanna puluwn e pare 😉.
Me ape set ekakmane. giyapu set ekanm madi 😁😁
e kale set una ekk thami ithin, dn nm 3k 4k set kargnnawa kiynneth amaru wedak.😥
Anna eekane 😁..ehema hari gyapu eka nm loku deyak 🤗
Ekanm aththa.😁😁
ලස්සනට සිංහලෙන් ලියන්න බෑ කියලා නම් හිතන් එපා. මේක ලස්සනයි.
මම මීමුරේ ගිය කෙනෙක්ගෙ අත්දැකීමක් හොය හොය හිටියෙ. අනෙක් කොටසත් ඉක්මනට අරන් එන්න.
❤
Thanks a lot Prasadi ❤️. Oya gyoth novel ekak ma liyawi 😀
ලස්සන මතකයන් ටිකක්. කවදහරි මතකයන් අලුත් කරගන්න ඉතුරු වෙන්නෙ මේවා තමයි. ලස්සනට ලියන්න බෑ කිව්වට ලස්සනටම ලියල.
❤️ thank you nangi..ow ewa liyaddhith aapahu e dawas tika mawila penawa