ගිලන්ව සිටින ලෝකප්‍රසිද්ධ කැටවල හේමාලෝක හිමි.
)
උන් වහන්සේගේ පෙර ඡායාරූපයක්
අද මම ඔයාල ලඟට එන්නේ ඉතා සංවේදී තොරතුරක් අරගෙන. මම හිතනවා ඔයාල හැමෝම දන්නවා ප්‍රසිද්ධ කැටවල හේමා ලෝක හාමුදුරුවෝ. මතක නැත්නම් මතක් කරගන්න නෙත් FM එකේ නිතර නිතර බණ කීව ලෝකප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ. උන් වහන්සේ වැඩම කරන්නේ මගේ නිවසට ආසන්න පන්සලක. පන්සලේ නම ශ්‍රී සුනන්දාරාමය. උන් වහන්සේ ඉතා දක්ෂ ධර්ම කතිකයෙක් පමණක් නොවෙයි, ඉතා දක්ෂ ගුරුවරයෙක්. උන් වහන්සේ අපේ නිවෙස් කිට්ටුව ප්‍රදේශයකට වැඩම කරලා තියෙන්නේ මීට අවුරුදු 20 කට ප්‍රථම කොස්වකදවල කියන පන්සලකින්. පුංචි මඩුවක් නිවාසයක් කරගෙන පැමිණි උන් වහන්සේ අද වන විට විශාල ගොඩනැගිලි බොහොමයක් ඉදි කර ධර්ම ගවේෂනාගාරයක්ද, තෙමහල් ධාතු මන්දිරයක්ද ඉදි කර උන් වහන්සේ ගේ පන්සල ලංකාව පුරා විසිරි පැතිරී සිටින බෞද්ධයින්ට නිදහසේ වැද පුදා ගත හැකි ස්ථානයක් බවට පත් කරලා තියෙන්නේ. එපමණක් නොව මෙහිණින් වහන්සේලාටද ආරාමයක් සහ සෙවන නිවසක් ද පිළියල කර භික්ෂුණි ශාෂණය වෙනුවෙන්ද විශාල සේවයක් කර තිබෙනවා
උන් වහන්සේ බුදු දහම වෙනුවෙන් කැප වෙලා වැඩ කරන ස්වාමින් වහන්සේ කෙනෙක් පමණක් නොවෙයි, ධර්ම ප්‍රචාරණය වෙනුවෙනුත් කැප වුන ස්වාමින් වහන්සේ කෙනෙක්. ඉතා උනන්දුවෙන් සහ කැපවීමෙන් බෞද්ධ චිරජීවනය වෙනුවෙන් වැඩ කල උන් වහන්සේ මේ මොහොත වන විට ඉතාමත් ගිලන් තත්වයට පත්ව සිටින්නේ.
රුධිරයේ අධික සීනි හේතුවෙන් උන් වහන්සේගේ වකු ගඩු දෙකම මේ අවස්ථාව වන විට අකර්මන්‍ය තත්වයක තිබෙන්නේ. එතුමා වෙනුවෙන් මේ වන විටත් වකුගඩු පරිත්‍යාග කිරීමට කෙනෙක් ඉදිරිපත්ව සිටියද, උන්වහන්සේගේ අනෙකුත් රෝගී තත්වයන්, වයස යන හේතුන් මත සැත්කම දිනෙන් දින කල් යාම නිසා, සතියකට දින තුනක් රුධිරය මාරු කිරීම් මේ දිනවල සිදු වෙමින් පවතිනවා. දකුණු පළාතේ බෞධයින් වැඩි ප්‍රමාණයක් උන් වහන්සේගේ පන්සලේ දියුණුව මෙන්ම පන්සලට දානමානාදිය ලබා දීමෙන් කැප වැඩ කරන බවද මා පවසන්නේ ඉතාමත් බැති සිතිණි.
ඊයේ මමත් මගේ අසල් වැසියෙකුත් උන් වහන්සේගේ සුව දුක් බැලීමට ගිය අතර උන්වහන්සේගේ වියදම් වෙනුවෙන් යම් මුදල් පරිත්යාගයක්ද කලෙමි.
උන් වහහන්සේ පවසන පරිදි දෑස් දෙකේම පෙනීම මේ මොහොත වනවිට ඉතාම දුර්වල තත්වයක පවතින්නේ. දිනකට වතුර මි. ලී 500 ක් පමණයි බිමට දෙන්නේ. අප සිටින මොහාතේ පිපාසයට දිය බිදක් ඉල්ලා සිටි මොහොතේ උන් වහන්සේ බලා ගන්නා ගෝල නම පැවසුවේ තවත් පැය බාගයකට පසුව දෙන බවයී. ඒ මොහොතේ උන් වහන්සේ ගැන අපට ඉතා දුක සිතුණි, මන්ද පිපාසය තිබුණද දිය බිදකින් පිපාසය සංසිදවා ගැනීමට නොහැකිව ලත වන උන් වහන්සේගේ අසරණ භාවය දුටු හෙයින්. දානය වැළදීමට නොහැකි තත්වයක පසු වූවද මේ වන විට යම් තාක් දුරකට දානය වැළදීමට හැකිව තිබෙනවා. පළතුරු ලෙස දෙන්නේ කොළ ඇපල් සහ කිලෝ පේර පමණයි. වේදනාව නිසා නින්ද පවතින්නේද ඉතා අඩු මට්ටමක බව උන් වහන්සේ පැවසුහ. කොතරම් දුර්වල තත්වයක සිටියද සැම පොහෝ දිනකම උපාසක උපාසිකාවන් පංච ශීලයේ පිහිටු වීම වෙනුවෙන් අනිවාර්යෙන්ම බණ මඩුවට වැඩම කරන බවද උන් වහන්සේ පැවසුහ.
කොතරම් ගිලන් තත්වයක සිටියද උන් වහන්සේගේ මුහුණ කිසිදු වෙහෙස පාටක් නොමැතිව ඉතාමත් පින් පාටට තිබීම ගැන මමත් මගේ අසල් වැසියත් පුදුමයට පත් වුනෙමු. එතුමාගේ වත්මන් තත්වයෙන් ඡායාරූපයක් ලබා ගැනීමටද මම අමතක නොකළෙමු. උන් වහන්සේ වැඩි වෙහෙසට පත් නොකර අප සමු ගන්නා අවස්ථාවේ නැවත යලි පැමිණෙන ලෙස උන් වහන්සේ ඉල්ලා සිටියහ.
උන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රර්ථනා කරමින් මම සමු ගනිමි.
Curated by : @miftahulrizky