එයා දැන් ලොකු ළමයෙක් - මට වාවගන්න බැරිව යයි.

in Steem Sri Lanka3 months ago

මම හිතනවා හැමෝටම මතක ඇති මගේ සුරතලා බීනු ගැන. එයා මට තෑගි කරන කොට එයාගේ වයස මාස එක හමාරක් විතර ඇති. දැන් නම් එයාට වයස මාස අටක් වෙනවා.

image.png

සුරතලේට බල්ලෙක් ඇති කරනවා කියන්නේ ඉතින් ගෙදර ළමයෙක් හදනවා වගේ තමා, හරිම ආදරණීයයි. එයා මා ලගට ඇවිත් දැන් මාස හය හමාරක් විතර ඇති. උදෙන්ම නැගිටින බීනු මට නම් එළි වෙනකන් නිදා ගන්න කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ආදරේට වලිගය වනමින් කෙදිරිලි හඩක් පිට කරමින් මගේ ඇදටම පනිනවා. තාම එයා ඇදට නගින්නේ නැහැ. ඒත් ඉදිරිපස කකුල් දෙක උස්සල ඇදේ එල්ලිලා පහුරු ගානවා මම නැගිටිනකම්ම. මමත් බොරුවට එයාව රවට්ටන්න නිදි වගේ ඉන්නවා ටිකක් වෙලා, එතකොට තමා වැඩේ, ශබ්දේ වැඩි කරලා ලොකු සෙල්ලමක් දානව.

සමාන්‍යයෙන් උදේට අපි නැගිට්ට ගමන් නාන කාමරයට යනවනේ, ඒත් කොහෙද මෙයා එක්ක. ඒ හැමදේටම කලින් මෙයාව විනාඩි ගානක් සුරතල් කරන්න ඕනි. නැත්නම් මට අඩියක් වත් ඉස්සරහට තියන්න එයා ඉඩ දෙන්නේ නැහැ.

මම කොහේ හරි ගිය දාට එයාට සාන්කාවලු, කෑම කන්නේ නැහැලු, එදාට එයා ස්ට්‍රයික් කරනවලු. මට උනත් කොහේ හරි එයාව දාල ගියාම නිතර මගේ ඇස් ඉදිරි පිට එයාගේ රූපය මැවිලා පේනවා.

උදේ අපි walk එක යන්න ලෑස්ති වෙද්දී මුලින්ම එළියට බහින්නේ එයා. හරියටම එයා දන්නවා අපි සපත්තු දාල සූදානම් වෙද්දී කොහෙද යන්නේ කියල. එයා එක්ක එළියේ යද්දී එයාට තියෙන්නේ මාර ඉල්ලුමක්, හැමෝම නතර වෙලා එයාව පොඩ්ඩක් හරි සුරතල් කරලා තමා යන්නේ. දැන් අපිට වඩා ගමේ යාළුවෝ ඉන්නේ එයාට.

නාවනකොට ආශා උනාට නාන්න සූදානම් කරද්දී මෙයා දන්නවා නාවන්න යන්නේ කියල. කතා කලාට එන්නේ නැහැ හොර ගෙඩිය වගේ කාමරේට වෙලා ඉන්නවා. පස්සේ ගිහින් උස්සගෙන ආවම හරි අපූරුවට නානවා.

දැන් එයාගේ බූල් හොදටම ඇවිල්ල නිසා මේ දවස් වල රස්නයත් එක්ක එයා ඉන්නේ හරි අසහනයෙන්, අපි ඉතින් එයා වෙනුවෙන්ම පුංචි ෆෑන් එකක් සවි කළා, මොකද අපිට මෙහෙම අමාරු නම් එයාට කොහොම ඇද්ද.

මගේ මහත්තය කියන්නේ එයා මගේ බොඩි ගාඩ් කියල, මොකද මම කොහාටද යන්නේ එයත් මා පස්සේ මම යන යන තැනට යනවා. මම නාගන්න නාන කාමරයට ගියාම මම එනකන්ම දොර මුර කරනවා.

ඉතින් දැන් මගේ බීනු මගෙන් ඈත් කරන්න බැරි තරමට මට ලං වෙලා ඉන්නේ. මගේ පැතුම කවදා හරි බීනුට කලින් මාව මිහිදන් කරන්න ලැබේවා කියලයි. එහෙම නැත්නම් මට වාවගන්න බැරිව යයි.

ස්තුතියි.

Sort:  

Thank you, friend!
I'm @steem.history, who is steem witness.
Thank you for witnessvoting for me.
image.png
please click it!
image.png
(Go to https://steemit.com/~witnesses and type fbslo at the bottom of the page)

The weight is reduced because of the lack of Voting Power. If you vote for me as a witness, you can get my little vote.

අනේ ඉවර කරලා තියෙන විදියට හරිම දුකයි.
බල්ලෙක් කියන්නෙ අපේ ලෝකෙ අනික් පැත්ත ගහන සුන්දර වස්තුවක්. මමත් හරිම ආදරෙයි එයාලට. ❤️

සංවේදී මිනිස්සු ඉන්න ලෝකෙක ජිවත් වෙන්න අපිත් පෙර පිං කරලා තියනවා කියල දැනුනම හිතට දැනෙන සතුට මෙතැකැයි කියන්න බැහැ. ආදරෙයි ගොඩාක්.

ආදරෙන් ඇතිකරපු සතෙක් නැතිවෙන වේදනාවනම් දරාගන්න ගොඩක් අමාරුයි තමයි🥺

ඒක දැනෙන්නේ සතෙකුට වුණත් හරියට ආදරේ කරපු කෙනෙකුට විතරයි. ගොඩක් පිං

1000056888.png

Congratulations! This post has been upvoted through Curation Team#3. We support quality posts, and good comments anywhere and with any tags.

Hey, thank you for your support @goodybest.

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



I appreciate your support.

Hi @senehasa,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

I much appreciate your support @ilnegro.

අන්න ඒකයි අපි හුරතලේට හදන සත්තු අපේ ජිවිතේම උනාම, එයාලව නැති කරගන්න අපිට බෑ. හැමදාම අපිත් එක්ක ඉන්න ඕනේ කියලා හිතෙනවා.

ඔබතුමියගේ කතාව මා ඉතාමත් අගය කොට සලකනවා. මොකද ඔබතුමියගේ බීනු මැණික වගේම අපේ ගෙදර මටත් කළු බෝලයක් වගේ මැණිකක් ඉන්නවා. එයාගේ නම චූටි එයාගේ හැසිරීමත් ඔය වගේමයි. ඔබතුමියගේ කලින් පෝස්ට් වලදිත් මම දැකලා තියෙනවා ඔබතුමිය සතුන්ට ආදරේ කරන කරුණාවන්ත කෙනෙක් කියලා.ඉතින් මමත් මගේ චූටි මැණිකට ආදරය කරන්නේ ඔය වගේමයි. මගෙත් පැතුම වන්නේ ඔබගේ පැතුමමයි. මොකද අපි සතුන්ට ආදරය කරන්නේ අපේ ජීවීත වලටත් වඩා. ඔබට සුභ පැතුම් ❤💐

ස්තුතියි මගේ ලිපිය කියවා ඔබේ අදහස් ඉදිරිපත් කිරීම ගැන.

Ane harima cute eya. eyalath pawule aya wage inna nisa eyala nathuwa inna amarui

Humm... harima surathal, punchi lamai wage.

Coin Marketplace

STEEM 0.16
TRX 0.13
JST 0.027
BTC 60384.14
ETH 2591.97
USDT 1.00
SBD 2.55