වැරදුණ කුරුමානම
මගේ චුටි පුතා හරිම කෑම දාස කෙනෙක්. එයාට ඕන අලුත් අලුත් කෑම වල රස විදින්න. දන්නවනේ තරුණ රැල්ලේ විස්තරේ. ඒකාකාරී විදියට කන්න කැමති නෑ. බටහිර පන්නයේ කෑම වර්ග තමා නිතරම හොයන්නේ. ඉතින් keells එකට ගියොත් මගේ බිලට තට්ටු කරන්නත් එයා අමතක කරන්නේ නෑ.
ඉතින් එයා නිසාම මටත් එක එක වර්ගයේ කෑම ජාති හදන්න වෙනවා. අද මම ආමන්ඩ් චොකලට් පුඩිමක් හදන්න තීරණය කළා. ඒකට මම යොදා ගත්තේ 'ආමන්ඩ් චොක්ලට් පුඩිං මිශ්‍රණය' සහ හයිලන්ඩ් කිරි පැකට් එකක් පමණයි.
මුලින්ම ආමන්ඩ් පුඩිං මිශ්‍රණයට කිරි මිලි ලීටර් 250 එකතු කරලා හොදින් උතුරණ තෙක් උණු කරගෙන බෝල් එකකට දාල ශීතකරණයේ තිබ්බ. ඊට පස්සේ ඒක සෙට් වුණාම චොකලට් පුඩිං මිශ්‍රනයත් අර වගේම උතුරණ තෙක් උණු කරගෙන හොදින් සෙට් වෙච්ච පුඩිං මිශ්‍රණය මතුපිටට දමා සෙට් වෙන තෙක් නැවත වාරයක් ශීතකරණයේ තිබ්බ.
පැය හයකට විතර පස්සේ එය ගානට සෙට් වෙලා තිබ්බත් තවත් පැයක් පැය භාගයක් විතර තියමු කියල මම කීවත් මගේ කෑම දාසගේ ඉවසීමේ සීමාව පැන ගිහින් එලියට අරන් රස බලන්න පුදුම උවමනාවක් තිබ්බේ.
ඉතින් එයාගේ කරදරේ නිසාම මම එලියට අරන් පිගානකට අස් කරන්න හැදුව. මම කිව වගේම ඒකෙ අඩිය සෙට් වෙලා මදි නිසා පිගානට දාද්දි කොටසක් බෝල් එකේ හිරවෙලා උඩ කොටස විතරක් පිගානට වැටුණ. පස්සේ හැන්දක් අරන් අඩියේ තිබුණ පුඩිං ටිකත් ඒකට දැම්ම. මම මේ ලිපිය ලියන අතරේ ක්‍රිකට් තරඟයත් නරබමින් තමා ලිපිය ලියන්නේ. මේ මොහොතේම හොදින් ලකුණු රැස් කරමින් සිටි චරිත් අසලන්කගේ දැවී යාම සිද්ද වුණා. අයියෝ මලිඳු හසරංගත් දැවී ගියා. ලිපියේ ගලා යාමත් ලස්සනට සිද්ද වෙන්නේ නෑ මේ නිසා. අපරාදේ මේ දෙන්න අන්තිම වෙනකන් සිටිය නම් අපිට වේගයෙන් ලකුණු රැස් කිරීමේ හැකියාව තිබුණ. එක පන්දු වාරයක් ඉතිරි වෙලා තියෙද්දී ලකුණු 258 ට අපේ කට්ටිය සියල්ලෝම දැවී ගියා.
නැවතත් මගේ කතාව පටන් ගමු. කොහොම වුණත් ඔන්න ඔහොම තමා මගේ පුඩිම වැරදිලා ගියේ. කන්න නම් පුළුවන්. ඒත් ලස්සණ තමා නැත්තේ. පොඩ්ඩක් ඉතින් ඔය වගේ ඩාන් ඩූන් වෙනවා. කෑම දාසගේ හදිස්සිය තමා වැරදුණ කුරුමානම.
Description eka kiyawala matat e pudding eka hadala balanna hituna...
කටට කෙල උණන පිංතූර.😁
home made ice cream කොහොමත් හරි රසයි නේද.. පොස්ට් එක දැක්කම අයිස්ක්‍රීම් එකක් කන්න හිතුනා.😁