පුංචි ළමයි මල් වගේ
අපි කියනවා පුංචි ළමයි මල් වගේ කියල. ඇයි අපි එහෙම කියන්නේ. ළමයි හරි සුන්දරයි. නොඉඳුල්, තැලිලා පොඩි වෙලා නැහැ. ඔවුන්ගේ සුවද මල් වල සුවදට සමානයි.
පුංචි ළමයෙක් වැටී වැටී ඇවිදින විට, සුරතල් වචන වලින් බහ තෝරන විට, මල් වගේ හිනා වෙන විට, මේ හැම එකක්ම අපේ ජිවිත වලට සතුටක් ගේනවා.
මේ මල් වගේ පුංචි පැටව් අපි බලා කියාගන්න ඕනේ හරියට මල් පාත්තියක් බලා කියා ගන්නවා වගේ. පුංචි පැටව්ට හොද සංවර්ධනයක් ලබා දීමට නම් අපි ඔවුන්ට සුරක්ෂිත පරිසරයක් සහ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඔබ දන්නවා අපි බීජයක් පැල කරපුවාම එයට අවශ්‍ය ජලය, පොහොර, ආලෝකය, සරු පස වගේ හැම දෙයක්ම අපි ලබා දෙනවා. අපි එසේ අවශ්‍ය පෝෂණය ලබා දීමට අසමත් වන්නේ නම් අපිට හොද ඵලයක් ලබා ගන්න බැරිව යනවා. ඒ වගේ අපි අපේ දරුවන්ට අවශ්‍ය රැකවරණය, පෝෂණය සහ වට පිටාව නිසි විදියට ලබා දෙන්න අසමත් වන්නේ නම් අපිට සමාජයට පලදායි දරුවකු බිහි කිරීමට අපොහොසත් වෙනවා. ඒ නිසා අපි මල් පාත්තියක් බලා කියා ගන්නා ආකාරයට අපේ දරුවන් රැක බලා ගත යුතුයි.
අපි දරුවන්ට නිසි පෝෂණය, අධ්‍යාපනය සහ රැක වරණය නිසි ලෙස ලබා දෙන්නේ නම් අපිට ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කල හැකියි. ඔවුන්ට ආදරය, හෙළිදරව් කිරීම, සහෝදරත්වය ඇගයීම තුලින් අපිට සමාජයක් කාර්යක්‍ෂ කල හැකියි. විශේෂයෙන්ම පරිසරයේ ඇති වැදගත් කම ඔවුන්ට කියා දී ඔවුන් පරිසරයේ මිතුරෙක් කල යුතුයි.
පුංචි ළමයින්ගේ මනෝභාවය මල් වගාවක දකින මල් වගේ හරිම සොදුරුයි. එම නිසා ඔවුන්ට දැනෙන පරිදි ආදරය කිරීම, ඔවුන්ට ආදර්ශයක් ලෙස හැසිරීම වැඩි හිටි අපගේ වග කීමයි. අපි ඔවුන්ගේ කුඩා ජිවිත වලට ආලෝකයක් වෙමු. ඒ පුංචි සිත් සනසා ඔවුන්ගේ මනෝභාවයන් උසස් මට්මක පවත්වා ගැනීමට අභිමානයන් වීම අපේ පරම යුතුකමයි. එසේ නම් වැඩි හිටි අපි ඔවුනට අභිමානයක් වීමට වග බලාගමු. එසේ නම් කුඩා දරුවාගේ හෙට දවස ආලෝකමත් කිරීමට අපි පෙළ ගැසෙමු. වග කියමු.
Thank you very much for the support.