වසංගතයක කඳුළු බිඳුවක්
කොරෝනා .....වසංගතයක් විදියට අපේ රටටත් ඇවිල්ලා මේ වෙනකොට අවුරුදු දෙකකටත් ටිකක් වැඩියි .ඒ කාලය ඇතුලත අපේම ආදරණීය මිනිස්සු ලක්ෂ හතරකටත් වැඩියෙන් දුක් විඳිනවා .මේ කථාව ලියන වෙලාවෙත් ඒ ගොඩට අලුතෙන් තව 3812 ක් එකතු වෙලා ඉවරයි .විසඳුමක් ,ගැලවීමක් පෙනෙන තෙක් මානෙකවත් නෑ.ජීවිත අපේ කියලා කිව්වට දැන් ජීවිතේ ගැන තීරණ ගන්නේ පුංචි වෛරසයක්.අපිට තියෙන්නේ බලාගෙන ඉන්න.8000 කටත් වැඩියෙන් පිරිසකගේ හුස්ම මේ වෙනකොට අරගෙන ගිහින් අවසන් වතාවට මුහුණවත් බලන්න බැරි විදියට .
මේ ව්යසනය හේතුවෙන් මුළු රටම එක තැන නැවතිලා .සමස්ථ සමාජයේ සෑම ස්ථරයක්ම කඩාගෙන වැටිලා.
මට වැඩියෙන්ම දැනුනේ පාසල් යන පුංචි පැටවුන්ට වෙච්ච පාඩුව .අකුරක් ලියන්න, කියවන්න නැතුව ආදරණීය ගුරුවරු එක්ක ගැටෙන්න නැතුව ඒ දරුවෝ හරියට අසරණ වෙලා.ඔන් ලයින් දැන් ලොකු ලයින් වෙලා .කොතැනක හරි සිද්ද වෙච්ච වැරැද්දක් නිසා විඳවන්නේ අහිංසක පුංචි එවුන්.යමක් කමක් ඇති හැකි තැන්වල දරුවන්ට නම් මේක ඒ තරම්ම ලොකු ගැටළුවක් වෙලා නෑ .ඒත් දවසේ තුන් වේලෙන් එක වේලක් විතරක් කන අන්ත අසරණ දරුවොන්ට කාගේ පිහිටක්ද කියලා හිතෙනවා .
එහෙම හිතද්දී ඒ වගේ පවුලක අසරණ ආදරණීය තාත්තා කෙනෙක්ගේ හිත මට හිතෙන විදියට කියෙව්වා .ඒ කියවීම ඔබත් එක්ක බෙදාගන්න හිතුනෙ මේ විදියට.
මේ ඒ තාත්තගේ සිතුවිලි ..
හිසට සෙවණ වෙනුවට ලොකු ගහක් වටේ ඇදපු
පාට පාට ඉටිකොළ පටි මහන්සි වෙල හොයපූ
බිමට පරණ ලෑලි කෑලි තැනින් තැනින් තියපූ
රේල් පාරෙ අයිනෙ මගේ මාලිගාව හදපූ ....
ඉඳ හිටවත් කුලී වැඩක් අපට ලැබෙන දාට
අපේ පැලෙත් බතක් ඉදෙයි නොවැරදීම රෑට
ලුණු දියරයි බත් මිටකුයි බඩට වැටෙන දාට
බලන්නෙපැයි පොඩි එකාගේ මුනේ තියෙන පාට ....
ඔන් ලයින් ලු පාඩම් වැඩ ඒකලු දැන් රැල්ල
ඕනෙලු ස්මාර්ට් ෆෝන් ඉකි බිඳිනවා කෙල්ල
ඔට්ටු වෙනව අම්ම එක්ක කාටත් නෑ මෙල්ල
මද සුළඟට සැලී වැනෙයි ගත රැඳී වැර හැල්ල ....
අකුරු ඉගෙන ගන්න බැරිව වැටුනත් මහ මගට
උගන්නන්න ඕනෙ අපේ පැටවුන්හට හොඳට
ඇස් පාදල උන් දෙන්නව දුන්නොත් මේ රටට
මිය ඇදුනත් ඊට පස්සෙ දුකක් නැහැනෙ හිතට ....
පොඩි එකාගෙ කඳුළු බිංදු පිසදා හිස අල්ලා
දෙයක් කියන්නද ටීචර් මේ ඇස් දෙක පල්ලා
පුංචි කමට හුරතලේට මගේ අතින් අල්ලා
නම ලියන්න මටත් පුරුදු කලේ මගේ කොල්ලා ....
පාඩම් වැඩ කරන අයව අල්ලාගෙන දෑතින්
ඉස්සරහට යන්න වෙනවා බැරි අය හැලුනාදෙන්
විදුහල්පති තුමා එහෙම කිව්වලු හරි වේගෙන්
යකඩ යකා හූ කියාන ගියානෙ කණ ගාවින් ....
අතමිට ඇති අය පාඩම් කරනා බව දකිනා
නැති බැරි මගෙ පුංචිවුන්ගෙ නෙත කඳුලින් පිරුනා
ඉටිකොළ සර සර ගාන්න උන්ගෙ සුසුම් ඇසුනා
"බුරවී " කුණාටුවට වැඩිය සැරට ඒක දැනුනා ....
ප :ලි :ලොකු සර්ගේ දෙපා වඳින්නම් මතු බුදු වෙන්න
ඉස්සරහට යද්දී මගේ දෙන්නත් ගෙනියන්න ..
My comment is falling from my eyes. I have no words!
Thank you
godak minissu me wele asarana wela inne. godakma une asarana minissu thawath asarana una eka 🥺
Aniwaryen,duk windina minissu hamadama dukama witharak windinawa
samajaye aththa thawe oka thamai dan.. wachanayak gane hithata wadinwa
Thank you
So heart touching. How innocent and hopeful his feelings are.❤️
Everyone is suffering a lot and poor people is going on a hard struggle to survive. 😥
Thank you.
කවියේ මට ගොඩක්ම දැනුන කොටස....❤️ හරිම ලස්සනට ලියලා...
පුංචි ළමයි කියන්නේ අපේ රටේ අනාගතේ. අපේ රට ප්රශ්න ගොඩක පැටලුණ අවුල් ජාලයක්.
Thanks a lot.
හරිම ලස්සනට ලියල තියෙනව. වචන පෙළ ගහපු විදියයි ඒකෙන් එන හැඟීමයි හරිම සංවේදී. මටත් හිතා ගන්න බෑ, අපිත් අමාරුවෙන් ඉගෙන ගත්තේ. මෙහෙම කාලයක් අපිට ආවනම් අපිත් අසරණයි. දැන් වුණත් කැම්පස් එකේ අන්තිම අවුරුද්ද හරි අමාරුවෙන් වැඩ කරගත්තේ. අපිට වඩා අමාරු අය කොච්චර ඇතිද. ඒ දෙමව්පියො කොච්චර අසරණ වෙලා ඇති ද. 😔
hello @sarath72, please add sources of the pictures that do not belong to you. for this you can use the below code.
you can insert the link to the original photo as the image link. then the preview will look like the below example. you can use any word other than "source". that will take the reader to the original source of the photo.
if you need any clarification, please feel free to ask. 💖
ඇත්තටම අපි හිතුවෙ නැති වුනාට සෞඛ්ය වගේම දරුවන්ගේ අධ්යාපනයත් covid නිසා අඩාල වෙලා. online අධ්යාපනය හැම කෙනෙකුටම වලංගු නැහැ. අපේ රටේ ව්යසනයකදි මුහුන දෙන්න පුලුවන් වැඩ පිලිවෙලක් නැහැ.
වගකිව යුත්තන් කරන්නේ එයාලගේ මඩි තර කරගැනීම පමනයි.
ඇත්ත සමාජයේ තත්වය ගැන සංවේදීව ලියල තියෙනවා.💖
Thank you.