අප්‍රේල් 30... | 10 % - SL-Charity

in Steem Sri Lankalast year

හායි ෆ්‍රෙන්ඩ්ස්...

මම හිතන විදියට අද ගොඩාක් අය නිවාඩු... මැයි 01 කියන්නෙහ් හැමොටම නිවාඩු දවසක්. නිවාඩුව අස්සේ වැඩ කරන අයත් ඉන්නවා..මේ අපි වගේ... කැලැන්ඩරය දවස රතු උනත් නැතත් අපට ඒක අදාල වෙන්නෙහ් නැහැ...ගිවිසගත් දිනවලට නිවාඩු යනවා මිසක් අනෙක් දවස් වලට අපි ඔක්කොම සාමාන්‍ය විදියට වැඩ... ඔන්න ඔහොමයි ගොඩනැගිලි ව්‍යපෘති වල වැඩ කෙරෙන්නේ... අද ගැන දැනට ලිව්වා ඇති අපි ඊයෙ ගැන කතා කරමු...

අප්‍රේල් 30... අමාරුවෙ වැටිච්ච දවසක්.. . ඒ කාරණා තුනක් නිසා...

01.අප්‍රේල් 30 තමයි අපේ අන්තර් විශ්ව විද්‍යාල අතර එල්ලේ විශිෂ්ට්ඨයන්ගේ තරගාවලිය පවත්වන්න යොජනා වෙලා තිබ්බේ. කොළබ, ජපුර, මොරා, පේරා, ජැෆ්නා, වයඹ.... ඔය හැම යුනි එකේම පරණ අය එකතුවෙලා තමයි මේක සන්විධානය කරේ... ස්ථානය උනේ පේරදෙණිය විශ්වවිද්යාලය... පේරා කිව්වම ඉතින් ගෙදර වගේ තමයි... මම රුහුණු කැම්පස් ගියාට හිත ගොඩාක් තිබ්බේ පෙරා වල...ඒකට හේතු ගොඩාක් තිබ්බා...ලොකුම එක තමා, මගේ වයිෆ් හිටියේ එහේ... ඉතින් මාසෙකට සැරයක් එහේ අනිවාර්යෙන් යනවා... තව අපේ අය්යලා දෙන්නම පේරා.. පොඩි අය්යගේ වයිපරෙත් පේරා.. මාත් එක්ක පාඩම් කරපු එකාත් පේරා... ඉතින් පේරා එක්ක මගේ ලොකු බැදීමක් තියෙනවා...එහේ සිලෙක්ට් වෙච්ච් නැති වෙච්ච එක ගැනත් පොඩි දුකක් තියෙනව....

02.තමයි, මගේ පරණ ඔෆිස් එකේ අය පොඩි ට්‍රිප් එකක් යන්න කතාකරලා තිබ්බා.. තිමිර මල්ලිත් අයින් වෙලා යන නිසා වැඩිපුරම මේක් ඔර්ගනයිස් වෙලා තිබ්බේ. කාලයක් තිස්සේ දුක සැප බෙදාගෙන හිටපු අයනේ...ලොකේශන් එක තම්යි පරේවි තොට...මෙතන මාර නිදහස් තැනක්...කැමති විදියකට එන්ජොයි කරන්න පුලුවන්... කන්න, බොන්න, නාන්න, ඩාන්ස් කරන්න.... නියමෙටම සෙට් වෙන තැනක්.... සෑහෙන පිරිසක් එනවා ගැවසෙන ලොකේශන් එකක් තමයි පරවිතොට කියන්නෙහ්... වෙලාවක් තිබ්බොත් ඔයාලත් යන්න....


SRC

03.මේක් තමයි කේස් එක... වයිපරේගෙ උපන් දිනය...කවදාවත් යන්න පුළුවන් නම් මම මේ දවස මිස්ඩ් කරලා නැහැ.... පුළුවන් උන හැම පාරම පොඩි තෑග්ගක් අරන් යනවා... කවදාවත් මට මේක් ඔනි අරක ඔනි කියල කිසිම දෙයක් ඉල්ලන කෙනෙක් නෙවෙයි එයා... ඒක නිසා එයාට තෑගි දෙන එක ලේසි දෙයක්...ගොඩක් වෙලාවට මම ඇදුම් තමයි අරන් දෙන්නේ එයාට...

මේ පාර අහම්බෙන් වගේ ඇදුමක් ගන්න අවස්ථාවක් ආවා.. ඔයාලට මතක ඇති අපි හැමොම රන්දුලා ගේ වෙඩිමට ගියා... ඉතින් එන ගමන් මම නුගේගොඩින් බැස්සා රාජගිරිය බලා යන්න... හොල්ට් එක තියෙන්නේ හරියටම CIB එක ඉස්සරහා.. අස්සේ මොර සූරන වැස්ස...කුඩයකුත් නැහැ... බැරිම තැන CIB එකෙන් කුඩයක් ගන්න ගියා.
මුලින්ම ගිහින් වයිපරේට් ඇදුමක් අරන් එමින් ගමන්, කුඩේකුත් ගත්තා...ඒ අස්සේ විච්චූරන බඩු අස්සේ දැක්ක ලස්සන හෙයා බෑන්ඩ්.... කහ පාටිනුයි, රොස පාටිනුයි දෙකක් ගත්තා කෙල්ලට...ඔය ඔක්කොම අරන් රෑ හත වගේ වෙද්දි බොඩිමටත් ආවා...

කාරණා තුනේ විස්තරය ඔනවට වඩා ලිව්වා...

ඔයාලා හිතන්නෙහ් මොකක්ද ???

මම මූලිකත්වය දුන්නේ මොකටද???

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.030
BTC 56577.01
ETH 2981.05
USDT 1.00
SBD 2.14