යාලුවෝ | 5% for SL Charity

in Steem Sri Lanka3 years ago

යාලුවො කියන්නෙ මගේ ජීවිතේ අඩුවෙන්ම ඉන්න ජීවී කොට්ඨාසයක්. ඒක පොඩි කාලෙ ඉඳලම එහෙමයි.

ගෙදර ඉන්න කාලෙ මගේ යාලුවො උනේ අම්මා, අයියලා දෙන්නා, අපේ ගෙදර ලඟම එකම එක ගෑණු ලමයෙක් හිටිය මාත් එක්ක සෙල්ලම් කරන. අක්කා එක්ක ඒ කාලෙ වැඩිය යාලුකම් නැ. වලි තමයි.

මොන්ටිසෝරි ගියෙත් මාසයක් දෙකක් වගේ නිසා එහෙදිත් හිටියෙ යාලුවො දෙන්නෙක් තුන් දෙනෙක් වගේ. ඉස්කෝලෙ ගියා කියලත් ලොකු වෙනසක් නැ.. යාලුවො අඩුයි.

image.pngSource

එක වසරෙ ඉඳලා හතර වසර වෙනකම් මගේ හොඳම යාලුවා කොල්ලෙක්. කෙල්ලො එක්ක යාලුකම් පවත්තන්න බැ අෆ්ෆා 😂. දෙන්නෙක් හිටියා කෙල්ලො යාලුවො... ඒකත් අම්මලාගෙ යාලුකම් නිසා. පහ වසරෙදි ඉස්කෝල මාරු කරාම නම් ඔන්න ශෝයි කෙල්ලො තුන් දෙනෙක් හම් බුනා. ඒකත් අපි හතර දෙනාම එකම desk එකේ නිසා. ඒ පන්තියේම අයියත් හිටිය නිසා ඉතිං වෙන යාලුවො හිටියත් නැතත් අවුලක් නැ.

ශිෂ්‍යත්වෙන් පස්සෙ හය වසරට ආයෙ ඉස්කෝල මාරු කරාම ඉස්කෝලෙ යන්නත් කම්මැලි උනා. අයියයි මායි ඉස්කෝල දෙකකට තේරුනේ. අනිත් යාලුවො තුන් දෙනාගෙන් එක්කෙනෙක් හිටියට එයා වෙන පන්තියක. ඒ දවස්වල උදේට හරියට ලෙඩ හැදෙනවා.

6දි යාලුවො හිටියෙත් නැ. මට අලුත් යාලුවො ඕන උනෙත් නැ. එක කෙල්ලෙක් හිටියා මතකයි heart එකක් වගේ ඇඟිල්ලක් තියෙන. මට ඉතිං අලුත් යාලුවො ඕන නැ.

2019-06-21-12-32-04-962.jpgහොඳම යාලුවා කියන එකා එක්ක ගත්ත සීමිත photo වලින් එකක්

7 වසරෙදි ආයෙමත් පන්ති වෙනස් උනා. මුල්ම දවස් පන්තියට ගිහින් වාඩි වෙන්න තැනක් බැලුවා, ඉඩ තිබුන තැනක හිටිය ගැණු ලමයගෙන් අහලා වාඩි උනා. ඔන්න ඉතිං එහෙම තමයි මගේ "හොඳම යාලුවා" කියන්න පුලුවන් යාලුවෙක් මට ලැබුනෙ. ඊට පස්සෙ අර 6 වසරෙදි තිබුන ලෙඩත් අඩු උනා. 11 වසර වෙනකම්ම ඔන්න අපි දෙන්නට එකම පන්තියේ ඉන්න ලැබුනා.

12දි ආයෙමත් අපි දෙන්නා වෙන් උනා. ආයෙමත් මට හොඳම යාලුවෙක් නැතුව ගියා. 11දි අපේ පන්තියේ හිටිය කෙනෙක් සහ එක වසරෙ හිටිය සීමිත කෙල්ලො යාලුවො දෙන්නගෙන් එක්කෙනෙක් හිටියා.

ටික කාලෙකදි එක්තරා සමානකමක් නිසා.. අර හයේ පන්තියේ හිටිය heart කෙල්ලව සෙට් උනා. එදා මම දැනගෙන හිටියනම් ඕකි මගේ ජීවිත කාලෙම ඇණයක් වෙලා ඉන්නෝ කියලා... කවදාවත් යාලුවො නැතුව ඉන්නවා 😅.

ඔයාලත් දන්නවා ඒ ඇණේ කවුද කියලා. දන්නෙ නැති අය පහල phot එක බලන්න 🤭.

IMG-20210121-WA0005.jpgවදකාරයා එක්ක

Screenshot (1492).png

Sort:  

Matath hitiya 6 wasare idan hodama yaluwek eth itin eya wena school ekkt giya hinda e yluwkama hodma eka une na . Eka eka kalet ekak eka yluwo enw hodma aya thami hemdama langa inne z🙊

Ow.. kalen kaleta wenas wenawa.. mage yaluwath mata hambenne hari kalathurakin.. eth yalukma nm issara wagemai 😁

a bond of friends that can't be forgotten one of the sisters who is always a friend wherever and whenever he doesn't like to be separated.. I'm curious you choose a male friend. why

I didn’t had friends back then. He was the only friend I had🙊.

Enyak wenna hari honda yaluwek innawane,eya sahodariyakata haa samannai.ehema neda

Ow.. boruwata inna godak yaluwonta wada awanka ekkenek dennek hitiyama ati kohomat.

apooo... Me Ape @sandu tada oya anayak kiwwe,,,,

Onna onna ayya awa itin methana gini awulanna 🤣🤣🤣

‌කියනකොට ඔහොම තමයි කියන්නේ. ලෝකෙට පේන්න.

අක්කා එක්ක ඒ කාලෙ වැඩිය යාලුකම් නැ. වලි තමයි - රණ්ඩු කෙක්ක කියන්නේ ඔයාටද 😁😁

කෙක්කෙන් උනත් කොක්කෙන් උනත් වලි තමා ඒ කාලේ 🤣

අම්මෝ...

කොහොමත් එක යාලුවෙක් හරි ඉන්නම ඕන ඉතින් 🙈❤️

අනිවාර්යයෙන් 🥰

හැමෝටම පොඩි කාලේ ඉදලම හොදම යාලුවෙක් ඉන්නවා...

Ow.. kale ekka samahara yalukam nati wenawa.. samaharu hemadama innawa.

Hamotama jiwithe hodama yaluwek innama oni.

Ow. Yaluwek ona wena awastha ona taram tiyenawa.

eka niyami🤩

🙊 dannawa nh itin mata yaluwo pawathwagnna amarui kiyl 😅

ගැළපෙනම යාලුවො දෙන්නා.😍

කෙල්ලො එක්ක යාලුකම් පවත්තන්න බැ අෆ්ෆා 😂.

ඒක ඇත්ත අෆ්ෆා😅 මටත් කෙල්ලො යාලුවෝ දැන් ඉන්නෙ එකක් විතර.

Mata dan innawa issara podi kale na 🤣.

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.029
BTC 58097.54
ETH 3176.49
USDT 1.00
SBD 2.28