තනි වූ උදැසනක

in Steem Sri Lanka3 years ago

photo_2022-01-04_18-02-41.jpg

යමකට අප සැබවින්ම ප්‍රේම කළ බව දැනෙන්නේ එය අපට අහිමි වන මොහොතේදීය. එය සමඟ ජිවත්වන කාලයේදී නොතිබෙන තරම් හැඟීමක් එය හැර යන විට දැනෙන්නේ යලිත් ඒ මතකයන්ගෙන් අපට මිදීමට ඇති ලෝභ කම නිසාවෙන් යයි මට සිතේ.

ලැබෙන කුඩා හෝ මොහොතක් අපතේ නොහැර හැර යන්නා වෙනුවෙන් කැප කරන්නේ එබැවිනි. පසුගිය දිනක නැවත විශ්වවිද්‍යාලය වෙත යාමට ලැබුණ අවස්ථාවද එවැන්නකි. උපාධිලොගුව භාර දෙන මුවාවෙන් තවත් පැය කිහිපයක් එබිම ගත කරන්නට වරම් ලැබුණි.

photo_2022-01-04_17-59-22.jpg

මා ඇතුල් වුයේ තනිවමය. උදෑසන 8.30 වන විට විශ්වවිද්‍යාලය තුලට ඇතුල් වීමට මට හැකියාව ලැබුණි. වෙනදා මේ වෙලාව වද්දී විශ්වවිද්‍යාලය තුල එකම කලබලයකි. උදෑසන කලබලයෙන් දුවන සිසුන් එහි අද නොවීය. බොහෝ තැන් වල සිටියේ මා පමණි. පළමුව මම ගොඩ කැන්ටිම දිශාවෙන් ඇතුල් වුනෙමි. වසා දැමූ කැන්ටිමේ අසුන් ගෙන සිටියේ එකම එක යුවලක් පමණි. වෙනදා එක් පසකින් පිරිසක් ටී ෂර්ට් විකුණති. තවත් පසෙක පිරිසක් එකතුවී සැලසුම් සකස් කරති. එක් කොනක සිට අනෙක් කොන දක්වා සිසිල් වූ කෑම මිලදී ගැනීමට දිගු පෝලිමකි. ඒ අතර ගීත රාවයද ඇසේ. අද එහි කිසිවෙක් නොමැත.

photo_2022-01-04_19-03-59.jpg

සෙමෙන් සෙමෙන් කැන්ටිමේ ඉහල මාලයට මා ගමන් කලෙමි. එහිදු කිසි වෙනසක් නැත. මා ආහාර ගැනීමට තෝරා ගත්තේ මෙම කැන්ටිමයි. පහල මෙන් ආහාර සීතල නැතත්, රසය ගැන කිසිදු පැහැදීමක් මට නොවිණි. බොහෝ විට නිකම් බත් පමණක් උඩින් පල්ලෙන් ආහාරයට ගෙන මම කුසගින්නේ යන්නෙමි. මෙහි රසවත් යයි කිවහැකි දෙයකට මට තිබුණේ පැස්ටා පමණි. ඇතැම් දිනක මම ඔහු සමඟ පැමිණ ජෑම් පාන් හෝ පැණි ආප්ප රස වින්දෙමි. මෙහි තිබූ ජෑම් පාන් වල සැබවින්ම ජෑම් තිබූ නිසා මම වඩාත් උනන්දුවෙන් තේ පානය සඳහා මෙහි ආවෙමි. මේ මොහොතේ සේවකයන් කිහිප දෙනෙක් හැරුණු කොට සිටියේ මා පමණි. ඔවුන් හිස් ගෑස් සිලින්ඩර ගොඩ ගසන අයුරු මොහොතක් බලා සිටි මම පාලම දිගේ මිදුල වෙත ගමන් කලෙමි.

photo_2022-01-04_17-59-35.jpg

යන එන තැනක් නැති වූ විට මේ මිදුලේ රොබරෝසියා ගස යට බැම්ම හොඳ විකල්පයකි. එතනට වී මිනිත්තු කිහිපයක් රස්තියාදු වී යන තැනක යා හැකිය. දුකට පත්වූවන් සනසන්නට, නිදහසේ රණ්ඩු කිරීමට, දුරකථන ඇමතුමක් ගැනීමට මෙතැන ඉතා උචිත විය. බොහෝ විට තනිව හැසුරණ මට මොහොතක් නැවතී සිටීමට මෙය කදිම ස්ථානයක් විණි.

photo_2022-01-04_17-59-54.jpg

සියලු ස්ථාන අතරින් මා රැඳී සිටීමට වඩාත්ම ප්‍රිය කර ස්ථානය වුයේ සීත ගඟුලයි. බොහෝ විට පිරිමි ළමුන් අරක් ගත් තැනක් වුවත් කිසිවෙකු මෙහි නොසිටින වෙලාවල් නොතිබ්බා නොවේ. කිසිදූ අරමුණක් නොමැතිව මෙහි හිඳගෙන සිටීමට මම ප්‍රිය කරෙමි. බැමි මත හිඳ ගැනීමේ මිහිරියාව මට ප්‍රථමයෙන් දැනුනේ මෙහි හිඳ ගැනීමෙන් පසුවය. එතැන් පටන් බැමි මත හිඳ ගැනීම මගේ ප්‍රියතම කාර්යක් විය.

photo_2022-01-04_17-59-51.jpg

ලෝගුව භාර දීම සඳහා මා ගමන් කරේ L කැන්ටිම හරහාය. මුළු විශ්වවිද්යාලයම ප්‍රිය කර එක කැන්ටිමක් වේ නම් ඒ L කැන්ටිම පමණි. අතිශය දිගු පෝලිමක් තිබුනද අඩු මුදලට බඩ පිරෙන්නට රසට පාන් කන්න මාත් මෙහි පැමිණියෙමි. එකල සිටි බළලුන් නම් දැන් දකින්නට නැත. L කැන්ටිම අවට භුමිය අතිශය වල් බිහිවී තිබුණි. වෙනදා සිසුන්ගේ පා පහසින් පොලොව මතු වී තිබුණ තෘණ බිම් අඩියක් පමණ උසට වල් වැදී තිබුණි.

photo_2022-01-04_17-59-38.jpg

නිදහසේ කෑම රස විඳින්නට කුරුල්ලන්ට තැනූ කුරුළු ලෑල්ල මම මින් පෙර දැක තිබු බවක් මතකයේ නැත.

photo_2022-01-04_17-59-42.jpg

අවසානයේ මා නතර වුයේ "ලගාන් එක" අභියසය. මෙතනට මේ නම ලැබුනේ මන්දැයි මම තවමත් වචන පෙරලමින් සිතමි. මෙතන මතක ගොඩක් ඇත. මදුරු විමානය වුවත් පෙම්වතුන් මුණ ගැසෙන ප්‍රසිද්ධ තැනක් වන්නේ මෙයයි. රැස්වීම්, සංගීත සංදර්ශන, නාට්‍ය, අවුරුදු උත්සව, පැදුරු සාජ්ය වැනි එක් රැස් වීම් බහුලව සිදුවුණේ මෙහිය.

photo_2022-01-04_18-00-07.jpg

තවත් වරක් මේ බිමට ඇතුල් වන්නට ලැබුණ හොත් නැවතත් මා මෙලෙසින්ම මේ පිය සටහන් මතින්ම ගමන් කරනු ඇත. අවසන් වසර මග හැරීමේ වේදනාව ඒ හැම පියසටහනක් මගින්ම පොලොවට තෙරපනු ලැබේ

10% to SL-Charity

Sort:  

යමකට අප සැබවින්ම ප්‍රේම කළ බව දැනෙන්නේ එය අපට අහිමි වන මොහොතේදීය.

ඒක හැමදේකටම වලංගු ඇත්තක්

මොරටුවේ ඇවිද්දා වගේ. ලස්සනයි.❤

ඒක හරි ලස්සනයි . කියවනකොට හිතේ මැවුනා❤

Hi @randulakoralage,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Please consider to approve our witness 👇

Come and visit Italy Community

හැම තැනක්ම පුරුදු දේවල් උනාට මේක කියවනකොට නැවුම්ම හැඟීමක් ඇති උනා 😍

මුළු විශ්වවිද්යාලයම ප්‍රිය කර එක කැන්ටිමක් වේ නම් ඒ L කැන්ටිම පමණි.

ඒකට නම් අත් දෙකම උස්සල අනුමත කරනවා.

aye paan kann ona wage

quiet atmosphere on campus, whether it's a day off, power does not see people or students in the corner of the campus. it's hard to find this when you're on campus, usually you have time to study as a student at university.🙊😊

that's true. There were separate study areas which are crowded but with no noise at all. I missed those days

කැම්පස් එක වටේ රවුමක් එක්කන් ගියාට බොහොම ස්තුති.❤😍. ඇත්තටම කැම්පස් එකට ගියා වගේ.

ඔයා නිකන් හදවත හූරගෙන ගියා වගේ දැනුණෙ. ආගන්තුක සරසවියක් උනත් ඒ හැඟීම පොදුයි.😢

ලස්සනට ලියල අක්කෙ 😍 කියවද්දි යන්න ආස හිතුන ❤️

හරිම ලස්සණට ලියලා.

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57574.67
ETH 2368.94
USDT 1.00
SBD 2.42