පළවෙනිම දවස!
අපි අද මූවි එකක් බලන්න යන්නයි හිටියෙ. ඒත් යන්න වුණේ මුහුදු රැල්ලක් බලන්න. හෙව්වා හෙව්වා බලන්න හොඳ මූවි එකක් ලැබුණෙම නෑ. ඉතින් දහයට විතර එක්කෙනෙක් යෝජනා කළා කලුතර යමු කියලා. මුහුදෙ නාන්න! ඒක නම් නියම අදහසක්!
ට්‍රේන් එක තිබුණෙ 11.15 ට.හැබැයි ඉක්මනට ලෑස්ති වෙලා කොටුව ස්ටේශන් එකට දිව්වට ඒ ට්‍රේන් එක නෑ කියලයි ආයෙ තියෙන්නෙ දෙකට කියලයි කිව්වා. ඒත් මට කලුතර යන්නම ඕනෙ වුණා. ඉතින් අන්තිමේ බස් එකේ යන්න තීරණය කරා. මේ ඉන්නෙ ගිය අය තමයි.
අපි පරිණත වෙනකොට කාලයේ පෙනේරෙන් යාලුවෝ ටික හැලෙනවා. ඉතුරු වෙන්නෙ අපිව දිරවන අපිට දිරවන අය කියන කතාව ඔප්පු කරන මගෙ යාලුවෝ ටික. එහෙම ගිහිනුත් අපිට සිද්ධ වුණා එක හමාර වෙනකම් බලන් ඉන්න බස් එක පිටත් වෙනකම්. ගෑණු ළමයි තුන් දෙනා නම් කලුතර ගිහින් තිබුණෙ නෑ. සහන් එයාගෙ නෑදෑ වෙන අයියා කෙනෙක් ගෙන් අපිට යන්න හොඳ බීච් එකක් හොයාගෙන තිබුණා.
කොහොමහරි පැය එකහමාරකට පස්සෙ අපි කලුතරට ආවා. එක්කෙනෙක්ට නම් නින්දත් ගිහින්. බස් එකේදි එක එක දේවල් කෑව නිසා බඩගින්නත් තිබුණෙ නෑ. ඒත් මුලින්ම කාලා ඉන්න එක හොඳයි හිතුණ නිසා අපි කෑවා.
කාලා ගියා නාන්න. ගියාමයි තේරුණේ ඇඳුම් මාරු කරගන්න, නාලා වොශ් එකක් දාගන්න තැනක් කොහෙන්ද කියලා. කොහොමහරි ඒකත් අපි හොයාගත්තා. දැන් ඉතින් තියෙන්නෙ නාන්න.
ඔයාලා විශ්වාස කරයිද මන්දා. මේ මුලු අවුරුදු විසි හයටම මම මුහුදට ගිහින් තියෙනවා. ඇඟ තෙමාගෙන තියෙනවා. ඒත් නාලා නෑ. මං හිටියෙ කොච්චර සතුටින්ද කියලා ඔයාලට හිතාගන් පුලුවන් ඔයාලා දිග කාලයක් තිස්සෙ පෙරුම් පිරුව දෙයක් එකපාරට ඉශ්ට වෙනකොට එන සතුට මවාගත්තොත්. ඒකත් එකපාරටම.
ලොකූ රැළි එනකොට වේගෙන්ම පස්සට විසික් වුණ කෙනා මම. මගේ යාලුවෝ දෙන්නා මාව තදින් අල්ලගෙන හිටියා. බය හිතුණු බව ඇත්ත. ඒත් සතුට තිබුණෙ ඊට උඩින්. අනෙක ඇත්තටම අපි හිටියෙ වෙරළෙ. ඉතින් ඔන්න ඔහොම ඉර මුහුදට බහින්න ළං වෙනකම්ම අපි හිටියෙ මුහුද එක්ක.
අපි විතරක් නෙමෙයි හිටියෙ. අම්මලා තාත්තලා, බබාලා, බල්ලො හැමෝම. ඉස්සර නම් මේ වෙරළ සංචාරකයොන්ගෙන් පිරිලා තිබුණ බව එතන ඉඳපු කෙනෙක් කිව්වා.
අපි එනකොට ටිකක් රෑ වුණා. ආයෙම කොළඹට ආව ගමනත් හරිම රසවත්.ඒක ගැන පස්සෙ කියන්නම්.
බලන්න දවස් ගණන්, සති ගණන් ප්ලෑන් කරලා නොයන ට්‍රිප් වලට වඩා පැයක් ඇතුළෙ ප්ලෑන් කරගන්න ට්‍රිප් කොච්චර රියැලිස්ටික් ද?😍
😁💯
❤
සතුට ලබා ගන්න කොහේ වුනත් එකයි. සතුට දැනෙනවා නම් එක තමයි සතුට.
ඇත්ත
ගොඩක් ප්ලෑන් කලාමත් වැඩක් කරන්න ලේසි නෑ.
ඔව්😁
maath me tike trip deka thunakma giya kshanika plan karapu.
😁