ඔයාලටත් හිටියද කියවගන්න බැරිවුණ සීය කෙනෙක්?

in Steem Sri Lanka3 days ago

මගේ සීයා අවුරුදු අසූ හයක් නීරොගීව ජීවත් වුණ, එදාටත් වඩා අද දැනෙන කෙනෙක්. එයා යන්න ගිහිල්ලත් දැන් අවුරුදු 11ක්. ඒ තරම් දිග කාලයක් ගියා ද කියලා දැන් හිතනකොට හිතනවා. ඉස්සර මම ඉස්කෝලෙ යනකොට සීයාට වඳිනකොට සීයා රුපියල් දෙකක් පහක් හරි ඊට වැඩියෙන් හරි මගේ අතේ තියනවා. මට සීයත් එක්ක තියෙන හොඳම මතකය තමයි එකට බෙදාගෙන පොත් කියවන එක. සීයයි මායි දෙන්නම වැඩිපුරම ආස කරපු පොත තමයි "අපේ ගමේ විත්ති" කියන පොත. මට මතකයි ඒ පොත වේයො කාලා, පිටු දුඹුරු පාට වෙලා තිබුණෙ. ඒත් අපි දෙන්නම ඒ පොත ආයෙ ආයෙ කියවනවා. පෙළ පොත් වල තිබ්බ චරිතෙකට උදාහරණයක් වගේ සීයා නිතරම කියෙව්වා. සීනි ඔතන් එන පත්තර, බනිස් ඔතන් එන පත්තර ඔය හැමදේම.

6CD2CE31-9AE7-40DF-80EB-0F384076F042.jpegSource

සීයගෙ සත්ව කරුණාව මට තේරුම් ගන්න බැරි එකක්. එයා පාරෙ ඉන්න බල්ලෙක්ට ගොඩාක් ලෙන්ගතු වෙලා හිටියා. ඒ බල්ලා නැතිවුණ වෙලාවෙ සීයා ගොඩාක් දුක් වුණා. මං හිතන්නෙ සීයා කවුද කියලා කියවගන්න පුලුවන් වයස වෙනකම් ඉන්නෙ නැතිව සීයා යන්න ගියා. මං අදටත් දන්නෙ නෑ එයා කවුද කියලා. ඒත් මං එක දෙයක් දන්නවා. එයා හිටියනම් අපි දෙන්නගෙ වයස් පරතරය නොසලකා අපි හොඳ යාලුවෝ වෙන්න තිබුණා!

ඉස්සරහ පඩිය උඩ
"ගමේ විත්ති" පෙරළගෙන
ඇස් වලින් කඳුලු බිඳු පන්නගෙන
අපි දෙන්නා හිනා වුන හැටියට
අඹ ගහේ ලේන්නුන්ටත් හරි හිනා ඇති
ඒ දවස් වල!

මගේ ඉස්කෝල බෑගයට
හොරෙකු වාගෙ ඇවිදින්
අත දා
කියවන්න පොතක් හෙම ඇත්දැයි
විපරමින් උන් දවස් කීයක්ම තිබුණාද
පාලුවෙන්ද උන්නෙ ඔබ
ඔබ තැනූ දරුවො මැද?
හිතද්දිත් හිත දෙකට කැඩෙනවා!

මොළේ නැති නිසාවෙන්
කොන් වෙච්ච පොඩි වෙච්ච
"සුදු නෝනිට"
අනේ අපි ඔක්කෝටම වාගෙම
සීනී බනිස් බාගයක් හොයලාම
බෙදනවා
නැති වුණොත් පංගුවක් නොවැරදී
හංගාන ඉන්නවා

ඇහැරගෙන හිරුටත් හොඳටෝම
කලින්
තේ වතුර ලිප තබා
රැගෙන පොල් අතු ඉදලක්
රටාවක් මිදුල මත තියනවා
හොයාගෙන කාසියක් දෙකක්
කඩචෝරු කන්නට
මං අතේ ඔබ තබනවා!

කන්න බෑ කියනකොට "මේ කෑම"
දූවරුත් පුත්තුරුත්
නෑසුණා වාගේම ඉන්නවා
නොවැරදී පංගුවක් "ස්මයිල්"
නම් ඔබ නම් තැබූ විදීයෙ බල්ලාට
තබාගෙන ඔබ මඟ බලා ඉන්නවා!

උලමෙක් හඬන්නට ගත්තාම මහ රෑට
මං හොරෙන් අඬ අඬා ඇවිදින් ඔබ ළඟ
අත තබා නාස් අග
ඔබට පණ තියෙනවද?
මර බයෙන් අත තියා මං හොයා
බලනවා
කොට්ටයට හිස ඔබා හොරෙක් වාගේ
තනියෙන්ම මං අඬනවා

කොච්චරක් නරකද ඔබ?
කියා යන්නට තිබුණා නොවෙද
එච්චරක් ආදරේ කරපු පුංචි කෙල්ලට,
ඔබ නේන්නම අරන් යනකොට
මට උන්නු
කතන්දර පොත් බෙදා ගත් මිතුරාව
තේ වතුර හදාගෙන මා සොයා ආ සීයාව!

මං ඔයාට ආදරෙයි සීයෙ!

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @prasadi,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Coin Marketplace

STEEM 0.18
TRX 0.13
JST 0.030
BTC 57606.89
ETH 3164.26
USDT 1.00
SBD 2.28