අම්මාවරුනේ

in Steem Sri Lanka3 years ago (edited)

ඒ මම දැකපු සුන්දරම කෙනා...
මගෙ ලෝකෙ අස්සක් මුල්ලක් නෑරම දන්න කෙනා...
ලග ඉදන් මාව බලා කියා ගත්ත කෙනා..
කොටින්ම මට ජීවය දුන්න කෙනා..

pregnant_belly_line-1296x728-header.jpg
Source

ඔයාට මේක කියවනකොටම එක වචනයක් කියවේවි.මේක කියවනකොට ඉස්සෙල්ලම මතක් වෙන කෙනා...මේ ලොකේ මම අහපු හිත නිවන වචනය..
ඔව් ඔයා හිතුවා හරි . ඒ අම්මා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැදී..
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැදී...

අම්ම ගැන අපි ගොඩක් සිංදු කවි කතා කියවල අහල ඇති.අම්මා ගැන තරම් කවි සිංදු වෙන කෙනෙක් ගැන ලියවිල නැතුව ඇති..

ඕනම කෙනෙක් මේ ලෝකෙට එනකොට ඇති වන පින්සාර බැදීමක් ඒක.මගෙ අම්ම ගැන මට වෙනම කතාවක් ලියන්න පුලුවන්.ඒත් මම ඉස්සෙල්ල හැම අම්මා කෙනෙක්ටම පොදුවේ ලියන්නම්..

අම්මා කෙනෙක් කැපවීම කරන්න ගන්නේ කුස පිලිසිද ගත්ත දවසේ ඉදන්මයි. බලන්න. කෙල්ලෙක් කාලයේ මාර ගේමක් දීල ඇග රූපය හිතනවා නේද. ඒ හැමදේම අම්ම කෙනෙක් කැප කරනවා.දරුව නිරෝගි වෙන්න බොන බෙහෙත් වලින් ලස්සනට බලා ගත්ත ,සාත්තු කල කොන්ඩය යන්න ගන්නවා. ඇග මහත් වෙලා මූන වෙනස් වෙද්දි වෙනද වගේ ඒ ගැන හිතන්න වෙලාවක් නෑ.එයා කැප වෙන්නෙ දරුවට. අඩිය තියන්න තියන්න මුත්‍රා පිටවෙනවා.කැස්සක් ආවත් මුත්‍රා පිටවෙනවා.අඩුම ගානෙ උණක් හැදුනත් බෙහෙතක් බොන්න බෑ.දරුවට බලපාවි කියල.

landscape-1444754150-liliana-leahy.jpg
Source

ඒ සේරම හරි බිහිකරනකොට ලොකු වේදනාවක් විදිනවා.මම ලස්සන කතාවක් අහල තියෙනවා..

එක වෛද්‍ය කණ්ඩායකම් ලෝකෙ ඉන්න ශක්තිමත්ම පිරිමියාට කෘතිමව ඒ වේදනාවට සමාන වේදනාවක් ඇති කරනවා.එයාට තප්පර 30ක් යන්න කලින් සිහිසුන්ව වැටෙනවා.

වික්ටර් රත්නායකයන්ගේ සිංදුවක් තියෙනවා ආදරයේ උල්පත වූ අම්ම කියලා .ඒ සිංදුව එතුමා සජීවි ගායනා කරනවා එතුමගේ "ස" ප්‍රසංගයේදී..ඒ සිංදුව කියලා විනාඩියක් විතර යනකන් මුලු ප්‍රේක්ශකාගාරයම නිශ්ශබ්දයි.හැමෝගෙම ඇස් වල කදුලු. ඒ තමයි අම්මගෙ සෙනෙහස..අම්ම ගැන සිංදු කියනකොට සංවේදි වෙනවා ඕනම කෙනෙක්..

images (12).jpeg

Source
අපිට කිරි පොවලා,කවලා,උගන්නලා සේරම කරලනවා කිසි දෙයක් බලාපොරොත්තු නැතුවම..අම්මා කියන නම දෙවියන්ට උඩින් තියෙන්නේ.ඔයාල කවදහරි අම්මට සැරෙන් කතා කරල තියෙනවා නම් වචනයක් හරි,එක පාරක් හරි තරහ අරන් තියෙනවා අම්මා එක්ක, හිතන්න ..වචනෙන් වචනය උගන්නලා .ලොකු මහත් කරලා කැපවීම් කලේ ඔයාගෙන් මොනවා ලැබුන නිසාද කියලා.ඔයා අවුරුද්දකට පාරක් අරන් දෙන රෙදි කෑල්ලෙන් අම්මා කොච්චර සතුටු වෙනවද කියලා. යන්න අම්ම ලගට.කතා කරන්න . අම්මේ කෑවද කියල අහන්න.දුක අහන්න.අඩුම ගානෙ කතා කරන්න අම්ම එක්ක.විශ්වාස කරන්න.ඒ ඇති අම්මෙක්ට.

මහමායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ....

b715082b50f0db0300cb3590bcd82502.jpg

Source
මේ සින්දුව මගෙ අම්මට කොච්චර සමීපද.තාමත් මගෙ අම්ම උදේ පාන්දර නගිටලා මට ඔෆිස් ගෙනියන්න කෑම එක හදලා දෙනවා.ඉස්කෝලෙ කාලෙ වගේම.මම එනකන් මග බලන් ඉන්නවා. මම පොඩි කාලේ දැක්ක අම්ම වෙනස් වෙලා තියෙන්නෙ ගතින් විතරයි.මම වැටුන හැම වෙලාවකම මගේ අම්ම මගේ ලග.ඔයාව පොඩි කාල දාල ගියේ නැත්නම් ඔයා ලොකු වෙල අම්මට බැරි වෙනකොට හයිය පෙන්නන්න එපා.

අද ඔයා දැන් මොන තත්වයෙන් හිටියත් එතන නියම හිමිකාරිනිය ඔයාගෙ අම්මා.ඉන්නකන් සලකන්න.සල්ලි දීල නිකන් ඉන්න එපා.කතා කරන්න.ඔයා පොඩි කාලෙ අම්මගෙ පස්සෙ වැටි වැටි අම්මෙ කිය කිය ගියා වගේ. මොකද ඔයා කොච්චර ලොකු වුනත් ඔයාගෙ අම්මට ඔයා ඉස්සෙල්ලම අත් දෙකින් වඩා ගත්ත දවසෙ වගේමයි..❤️❤️❤️

ස්තුතියි

Sort:  

අද ඔයා දැන් මොන තත්වයෙන් හිටියත් එතන නියම හිමිකාරිනිය ඔයාගෙ අම්මා

ඇත්තටම . අම්මා වගේම තාත්තත් . ඒ දෙන්නා නැත්නම් ඇත්තටම අද අපි ඉන්න තත්වයේ කොහෙත්ම අපි නැහැ . ඒ දෙන්නගෙ කැපවීම, ආදරය මේ හැමදේම ප්‍රතිඵලයක් තමයි අපේ දියුණුව කියන්නේ . අම්මයි තාත්තයි ගැන කියලා කියල ඉවර කරන්න වචන නෑ . කොච්චරක් නම් දේවල් විස්තර කරන්නද ...

ඒක ඇත්ත.ඒ දෙන්න නිසා මම මේ තැන ඉන්නේ❤️

ලස්සනට ලියල තියෙනො 😍, අම්මයි තාත්තයි අපි නිසා කරපු කැපකිරීම් වචනෙන් කියල ඉවර කරන්න බෑ ❤️

ඔව්.වචන නෑ ලියන්න

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.028
BTC 60580.16
ETH 2342.43
USDT 1.00
SBD 2.47