වන්දනාව කාරනාව
අපේ යාලුවො හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. පසු ගිය article කිපයකම මම කතාකලේ මමයි මගේ husband බලන්න ගියපු ලස්සන තැන් ගැනනේ. ඔන්න ඒ හින්දා මම හිතුවා මගේ පවුලේ අයත් එක්ක ගියපු ලස්සන ගමනක් ගැන ඔයලාට විස්තර කියන්න.
ඇත්තටම ගමනක් කීවට මේක වන්දනා ගමනක්. ගොඩක් දවසකින් අපි හැමෝම එකතු වෙලා කොහෙවත් ගියේ නැති නිසා අපි හිතුවා අනුරාධපුර ගිහින් එන්න. ඇත්තටම මේකට කාරනා කීපයක්ම තිබුනා. එකක් තමයි මම මුලින්ම කියපු කාරනාව. අනික් කාරනාව තමයි අනුරාධපුරය පොරොන්දු වුනු භාරයක් ඔප්පු කරන්න යන්න තිබුනු එක.
ගමන අවශය කරන දේවල් අපි කලින් දවසෙම එකතු කරලා තියාගත්තේ මුකුත් බැරි නොවි ගෙනියන්න ඔනේ නිසයි, ගමන දවසෙ පරක්කු නොවී යන්න පුලුවන් නිසයි. භාරය ඔප්පු කරන්න අටපිරිකරකුයි තව බුදු පිලිම වහන්සේ නමකුත් අපි අරන් අවා.
ඉතින් කතා කරග්ත්තු විදිහට අපි හැමෝම උදේම ලැහැස්ති වෙලා ගමන් පිතත් වුනා. පූජා කරන්න නෙලුම් මල් අපි අනුරාධපුරයෙන් අරගත්තා. තව ඹෞෂධ වට්ටියකුත් අරගත්තා. ඉතින් ඔනේ කරන හැමදේම අරන් අපි මුලින්ම ශ්රී මහා බෝධින් වහන්සේ වැඩ ඉන්න පරිශ්රයට ගියා. විහාරයට ගිහින් අපි බුදු පිලිම වහන්සේ පූජා කලා.
මිලට අපි ගියේ රුවන්වැලි මහා සෑය ගාවට. පහන් පත්තු කරලා, අරන් ගිය නෙලුම් මලුයි, ඹෞෂධ වට්ටියයි අටපිරිකරකුයි අපි පූජා කලා. ආගමික වතාවත් වල නිරත වෙලා වැදපුදාගෙන අපි අයේම එන්න පිටත් වුනා.
එමින් අතරමග අපි උදේ කැම ගන්න අපි ලස්සන වටපිටක් තිබුනු තැනක නතර වුනා. මෙතන්ට කියන නම නම් ඇත්තටම මම දන්නේ නෑ. හැබැයි ඕන කෙනෙක් ගේ හිත නිවන තැනක් මෙතනත්. ඉතින් අපි ගෙදරින් එද්දි පිලියෙල කරගෙන අරන් ආව කෑම ටික අපි කාල ගමන් මහන්සියත් නිවාගෙන අයෙම ගෙදර එන්න පිටත් වුනා. ඉතින් කාලේකට පස්සේ අපි හැමෝම එකතු වෙලා ගිය ලස්ස්න ගමන්ක් වගේම සතුටින් ගෙවුනු දවසක් වුනා අපිහ් ඇමෝමටම.
ඉතින් තවත් article එකකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්..!
රුවන්වැලි මහ සෑය වදින්න යන්න අපිත් හිතාගෙන ඉන්නවා ලගදිම...
good idea.
අනුරාධපුර කියන්නේ මතක් උනත් යන්න හිතෙන තැනක්
ow aththatama
කාලෙකින් යන්න බැරි උනා
welawak labunama gihin enna
ඔව් අනේ යන්න ඕන, ආසයි😊
අනුරාධපුරේ කියන්නෙ මං යන්න ආසම නගරයක්. ඒක මට නම් හරිම නිවුණු නිස්කලංක නගරයක්.
ow aththtama.