Kusal Mendis

in Steem Sri Lanka4 days ago

1000143125.jpg
source

අද ලියන්න යන්නේ කාලෙකට පස්සේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන ලියවෙන මාතෘකාව යටතේ.අද තෝරා ගෙන ඉන්නේ ටිකක් විශේෂ පුද්ගලයෙක්.වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කතා කරන විට නිරන්තරයෙන් කියවෙන නමක් තමයි කුසල් මෙන්ඩිස් කියන්නේ.ඉතින් මට හිතුනා අද මේ චරිතය ගැන ලියන්න.ඔහු කුසල් මෙන්ඩිස් ගැන කතා වෙන්න විශේෂ හේතුවක් තියෙනවා.ඒක තමයි ඔහුගේ තියෙන සුවිශේෂි දක්ෂතාව.අවාසනාවට ඒකෙන් ඔහු වැඩක් ගත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවා.ජාත්‍යන්තර ක්‍රිකට්වලට පැමිණීමත් සමග ඒ කියන්නේ ආරම්භයේදී විශේෂයෙන් කතාවෙන පැහැදිලි ක්‍රිකට් අනාගතයක් තිබුණු ක්‍රීඩකයෙක් වුණත් විනය හා සම්බන්ධ ප්‍රශ්න නිසාත් ඔහුගේ දක්ෂතාව වැඩිදියුණු කර ගැනීමක් නොවුන නිසාත් අවාසනාවට විචාරකයින් රසිකයින් හිතුණ තරම් තැනකට මෙන්ඩිස්ට එන්න බැරි වුණා.ඒක තමයි ඔහු ගැන කතා වෙන තියෙන සුවිශේෂී ම හේතුව.

ඒත් ඇත්තටම කුසල් මෙන්ඩිස් කියන්නේ දක්ෂයෙක්.මුල් එක්දින ඉනිම් නමයෙන් පහකම ඔහුට අර්ධ ශතක තිබුණා.අවුරුදු විසි හතරක් වෙද්දි ජාත්‍යන්තර ටෙස්ට් තරග වල ශතක හතක් ඔහුගේ නමට ලියවිලා තිබුණා.වයස අවුරුදු විසි එකක් වෙද්දි 176ක ඉනිමක් ක්‍රීඩා කරලා තරඟය දිනවල දෙන්නත්, නවසීලන්තයේදී ඔවුන්ට එරෙහිව ඇන්ජිත් එක්ක එකතුවෙලා ලකුණු 141ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරලා තරඟය බේරා දෙන්නත් ඔහු සමත් වුනේ එකල ක්‍රිකට් රසිකයින්ගේ දැවැන්ත පැසසුමට ලක්වෙමින්. එපමණක් නෙවෙයි 2018 වසරේදී test ලකුණු වලින් ලෝකයේ ඔහු දෙවැනි වුනේ කෝලිට පමණයි.ඒ වගේම 2024 වසරේදී ලෝකයේම වැඩිම ජාත්‍යන්තර ලකුණු හිමි වුණේ ද මෙන්ඩිස්ටයි.කුසල් මෙන්ගේ වැරදි අඩුපාඩු නොතිබුනාම නොවෙයි.ඔහුට විවේකයක් අවශ්‍යව තිබූ කාලයේදී එය හම්බුන් නැති නිසා දිගින් දිගටම අසාර්ථක වීමක් ඔහුගෙන් සිදුවුණා.එක් දින හා ටෙස්ට් වල ඔහුගේ සාමාන්‍ය 35 ඉක්මවලා තියෙනවා.ඉතින් අපි බලමු අනාගතයේ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කොයි විදිහට දායකත්වයක් ලබා දේවිද කියලා.

Coin Marketplace

STEEM 0.25
TRX 0.25
JST 0.041
BTC 103566.35
ETH 3387.22
SBD 6.39