Kumar Sangakkara
අද ලියන්න යන්නේ එදා මෙදා තුර ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වගේම , ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ තමන්ගේ නාමය තමන්ගේ ස්ථානය පිළිබඳව තව සෑහෙන්න කාලයක් මතකයේ තියෙන්නට සැලැස්වූ ක්‍රීඩකයෙක් ගැන.ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන දැනට වසර දහයකට ආසන්න වුනත් තවමත් ඔහුගේ අඩුව පිර්වීමට හැකි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ ඉන්නවද කියලා සැකයක් තියෙනවා.ඒ තරමට දක්ෂතාවෙන් සපිරුණු ක්‍රීඩකයෙක් විදියට තමයි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත් වුණේ.හොඳම දේ කියන්නේ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන විට ඔහු හිටියේ ඔහුගේ හොඳම දක්ෂතාව පෙන්නමින් සිටින කාලයේ.ඒකම තමයි රසිකයන් විදියට ඔහුගේ අඩුව අපිට තවමත් දැනෙන්නේ.අවසන් කාලයේ වාර්තා පිට වාර්තා තබමින් ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ ඉතා හොඳ පිතිකරන සාමාන්‍යයක් පවත්වා ගනිමින්.
කුමාර සංගක්කාර කියන්නේ වාර්තා පිට වාර්තා තැබූ ක්‍රීඩකයෙක්.ඉන් කිසිදාක බිඳ හෙළිය හැකියි කියලා සිතන්න බැරි එකක් තමයි මහේල ජයවර්ධන හා එක්ව ලකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වූ ලකුණු 600 කට එහා දැවැන්ත සබඳතාව. එක්දින සහ ටෙස්ට් තරඟ වල පිළිවෙලින් ලකුණු 14000 සහ 12000 ඉක්මවමින් රැස් කිරීමට සමත් වී ඇති අතර ජාත්‍යන්තර ටෙස්ට් තරඟවලදී ඔහුගේ සාමාන්‍ය 57 ක ඉතා ඉහළ අගයක පවත්වා ගැනීමට ඔහු සමත් වුණා.ඒ වගේම එක්දින තරඟ වල ඔහුගේ සාමාන්‍ය 40 ඉක්මවූ අගයක පැවතුණා. ජාත්‍යන්තර ටෙස්ට් තරඟවල වේගවත්ම ලකුණු 12000රැස්කළ ක්‍රීඩකයා වන්නේද කුමාර සංගක්කාරයි.ඒ වගේම තවත් වාර්තා වූ දැවැන්ත ප්‍රමාණයක් ඔහු සතුව තිබෙනවා.ඇත්තටම සංගක්කාර කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පෑයූ තරුවක්.