හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. අද ලියන්නෙ ටිකක් වෙනස් දෙයක්. නමුත් ගොඩක් කාලීනයි කියල හිතනව. රටේ තියෙන ආර්ථික අර්බුදය එක්ක වෙනදටත් වඩා රට යන පිරිස වැඩිවෙලා තියෙනව. ප්‍රියයන්ගෙන් වෙන්වීම කොච්චර දුකක්ද කියල තේරෙන තවත් එක් අවස්තාවක් තමයි මේක. ඇත්තටම ඒක කොච්චර අමාරු ඇද්ද කියල තේරෙන්නෙ ගෙදරින් ටික දවසක් ඈත් වෙලා බෝඩිමක හිර උනාම. ඒ දැනෙන තනිකම තියෙන්නෙ සතියයි දෙකයි උනාට රට රැකියාවට ගියාම එහෙම එන්න බෑනෙ.
තමන්ගෙ අම්ම , තාත්ත, අයිය, අක්ක සහ තමන්ගෙ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය වගේ ලගම කෙනෙක් සල්ලි හොයන්න රට යද්දි මට හිතෙන්නෙම මේ ජීවිතෙ තේරුම මොකක්ද කියල. කට්ටියක් මෙහේ ඉදන් හිත හිත විදවද්දි අනෙකා එහේ ඉදන් නොමැරි මැරෙනව.ජීව්තේට සල්ලි දැන් අත්‍යවශ්‍යම සාධකයක්. ලගදි ඉදන් සෑහෙන්න කොල්ලො රට දාල යන්නෙ කැමැත්තකින් නෙවෙයි කියලනම් විශ්වාසයි. ඔවුන්ට හරි හැටි අනාගතයක් මේ රටේ පේන්න නෑ. ඔවුන්ට විතරක් නෙවෙයි අපිටත් එහෙමයි ඉතින්.ඔක්කොටම වඩා අමාරු තාත්ත හරි අම්ම හරි ලමයි වෙනුවෙන් රට යන එක.ඒක.සෑහෙන්න කැපකිරීමක්. අත්‍යවශ්‍යතාවය නිසා පිටවුනත් ඔවුන්ගේ හැගීම් ඒවට හිර කරන්න බෑ. වෙනම රටක තනිවෙලා ඉද්දි තමන්ගෙ ලමයි බිරිද දැනෙන තරම වැඩියි. හිතුන ගමන් බලන්න එන්න විදියක් නැතුව ඔවුන් නොමැරි මැරෙනව. ඒ වේදනාව හොදටම තේරෙනව ගුවන් තොටුපොලවල් වලින් සමුගන්නා වෙලාවෙදි. ඔවුන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිරිල තියෙන්නෙ වේදනාබර හැගීම් වලින් විතරයි.රට ඉන්න තාත්තයි මෙහේ ඉන්න දුවයි අතර යන සංවාදයක ලස්සන කවි ටිකක් අහම්බෙන් අහන්න හම්බුනා. ඇත්තටම ඒක ඇහුවට පස්සෙ තමයි මේක ගැන ලියන්න හිතුනෙත්. මේක ලියන්නෙ නලින්ද සංජීව ලියනගේ කවියා.
ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව කියා
මගෙ වැඩ පොතේ ලොකු අකුරින් හැඩට ලියා
සිතියම් පොතේ අන්න, ර දුර රටට ගියා
අඩ අඩ වගෙයි යන වේලෙත් හිටියෙ ඔයා
කිරි සුවදකට ගැස්සී මේ දැන් ආව
ඇහැරී බලමි නිදිදැයි උබ මං ගාව
වොන් මිටිවලින් නොනිමෙන සද සංකාව
සිහිනෙන් එන්න බැරි දුරකිනි ලංකාව
පපුවේ මහන්සිය හන්දා ආච්චිට
දග වැඩ කරන්නෑ පව් පිරෙනවලු මට
ආවම ගෙදර පෙන්නන්නම් තාත්තට
ටීචර් අදත් තරු ලකුණක් දුන්න මට
කදුලුත් මිදෙන සීතල ඍතුව දැන්ම
පඳුරක් ගානෙ ලගගෙන නියවන බැල්ම
මුතු ඇටයකට බර වැඩිවුනි අපෙ හුස්ම
පාකර එවන්නම් සෙනෙහස උණුහුම්ව
තරහයි තාත්තේ බැන්නොත් අම්මාට
නෑ ස්කයිප් එන්නෙත් අපි ඉරිදාට
කොන්සට් ඒකේ මේ පාරත් වැද්දීට
නැටුව දෙන්නෙ මොනවද මේ සුද්දීට
වැස්සක පොකුරු හිම විනිවිද සඳක් දැවේ
ඉස්සර නොදත් මල්ගොමු මං දෙපස නැවේ
ලස්සන කියන්නේ ඒ කිසිවකට නොවේ
තිස්සෙම පිපුනු නුබෙ හසරැල්ලටය දුවේ
මීට එහාට දෙයක් පැහැදිලි කරල තේරුමක් නෑ. මොකද ඒ වේදනාව තනිකම දැනෙන්නෙ අපෙන් ඔවුන් ඈත්වෙලා ඉද්දියි.
මේ ගැන හොදටම කියන්න පුළුවනි මට. මගේ පුතත් ගිය වෙලේ මගේ හැගීම ගැන දැන වුන්නේ මම විතරයි. මම හිතනවා පුතා වුනත් මම වගේම විදවනවා ඇති කියල. මොනවා කරන්නද හැරිලා එන්නද.
ඔව් සෑහෙන්න අමාරුයි ඒකනම් 😐
දරාගන්න අමාරුම හැගීමක්, ආදරය කරන අයගෙන් ඈත් වෙලා ඉන්න එක
ඇත්ත ඒකනම් 😪
Dara gnna godak amrui thama