අලුත් යාලුවා
ඉතින් මං මේක ටික දවසට කලින් ලියන්න හිටපු article එකක්. ඒත් ඉතිං වැඩට ගිහිල්ලා ආයෙත් එද්දි ගොඩක් වෙලාවට රෑ වෙන නිසා මේ ගැන ලියන එක දවසින් දවසේ කල් ගියා.Academic period එක සම්පූර්ණයෙන් ඉවර උන නිසා අපිට දැන් යන්නේ තුන්වෙනි ඒ වගේම අන්තිම training period එක.හරි හරි කොහොම හරි මම ලියන්නේ මේ ගැන නෙවෙයි.ඔයාලට සමහර විට මතකත් ඇති මමයි අශේනුයි මේ steemit එකෙන් ගත්ත පළවෙනි achievement එක තමයි අපේ බයික්.ඉතින් දෙන්නම එකම දවස්වල තමයි බයික් දෙක ගත්තේ. එයා pulsar එකක් ගද්දී මම ගත්තේ discover එකක්.කොහොම හරි ටික දවසක් යද්දි මගේ බයික් එක අකමැත්තෙන් වුණත් මට විකුණන්න වුණේ හදිසියේම කැම්පස් එකේ වැඩ වලට Laptop එකක් ඕන වුන නිසා.අකමැත්තෙන් උනත් බයික් එක දුන්නත් ආයෙත් ඉක්මනටම බයික් එකක් ගන්න ආසාව තියාගත්තේ ලැප් එක අරගෙන ඉතුරු වුන සල්ලිත් කිසිම දේකට වියදම් නොකර තියාගන්න ගමන්.
ඒ විදිහට අවුරුදු දෙකක් විතර ගෙවිලා ගියාට පස්සේ, මගේම වැඩ වලට , site එකට යන්න , පෞද්ගලික ගමනක් යන්න තමන්ටම කියලා බයික් එකක් නැති උනාම තියෙන වේදනාව ඕනම කොල්ලෙක්ට තියෙනව. ඉතින් බයික් වල ගණන් ගොඩක් වැඩි උනත් අතේ තියෙන ගාන එහෙ මෙහෙ කරලා ආයෙත් බයික් එකක් ගත්තේ හීන දාහක් පොදි බැද ගන්න ගමන්.ඉතින් ඒ විදියට දෙවෙනි බයික් එක විදියට Pulsar 135 එකක් ගන්න පුලුවන් උනේ ගෙදර අයගේත් උදව්වෙන්.තාත්තත් එක්කම ගිහිල්ලා බයික් එකේ condition බලපු මාත් තාත්තත් දෙන්නම කැමති වුණේ බයික් එකේ මුල් පාවිච්චිය හොඳට තිබුන නිසාත් , බයික් එක ගොඩක් පරණ නොවුන නිසාත් යන හේතු මත.ඉතින් ඔය විදියට තමයි අලුත් යාළුවා අපේ ගෙදරට ආවේ.