නිදහස් අධ්‍යාපනය රැකගැනීමට
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනවා. අද ලියන්න යන්නෙ එච්චර සතුටු හිතෙන දෙයක්.නෙවෙයි. අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට ගොඩ යන්න කියල තිබුන විදි වලින් ප්‍රදානම දේ තමයි නිදහස් අධ්‍යාපනය. දුප්පත් අම්මල තාත්තල කොහොමහරි කට්ට කාල ලමයින්ට උගන්නන්නෙ එයාලව කොහොමහරි හොද තැනකට ගේන්න ඕන නිසා. ඉතින් මෙච්චරක් කාලෙකට ඉංජිනේරු සිහිනය සැබෑ කරගැනීමට උදව් වුන තවත් ආයතනයක් තමයි ඉංජිනේරු තාක්ශන ආයතනය. විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වූ ළමයින්ට නොමිලේම NDES කියන වටින ඩිප්ලෝමාවක් ලබාගැනීමට මේ ආයතනය මගින් හැකිවුනා.
ඉතින් වසර 35ක් මුළුල්ලේ දෙස් විදෙස් ඉංජිනේරු ක්ෂේත්රයට නිදහස් අධ්‍යාපනය යටතේ මැද පෙළ ඉංජිනේරුවන් දායාද කරමින් අනගි සේවයක් කළ IET ආයතනය මිහිදන් කිරීමට වත්මන් දේශපාලන හෙන්චයියන් සහ NAITA මුදලාලිලා මාන බලමින් සිටී. රටේ ආර්ථික අපහසුතා මැද එදා වේල උපයා ගත නොහැකි අහිංසක දෙමාපියන්ගේ දරුවන්ගෙන් රු.225000ක මුදලක් ලබා ගනිමින් NDES ඩිප්ලෝමාව වෙන්දේසි කොට ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මෙය NDES අභාවය සේම අහිංසක ඉංජිනේරු සිහින පොදි බැදගත් දුවා දරුවන් නන්නත්තාර කිරීමක්ම විතරයි.
අ.පො.ස. උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපනය හදාරා සිහින රාශියක් පොදි බැදන් මේ ආයතනයට පැමිණි අප සැම දෙවන පෙළ ඉංජිනේරුවන් ලෙස වැඩ ලෝකයට පිවිසීමට සිහින දකිමින් සිටින අතරතුර 2022.12.16 දින නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයේ 12 වන වගන්ති ප්‍රකාරව "මෙම පාඨමාලාව හැදෑරීම සඳහා රජය විසින් නියම කරනු ලබන අවම ගාස්තුවකට යටත් විය හැක" යන්නෙන් සදහන් කර ඇත.
එය එසේ වන්නේ නම් මේ අප පැතූ නිදහස් අධ්‍යාපනයද?