මෙදා නව වසර | 5% SL Charity

in Steem Sri Lanka3 years ago (edited)

eac8a7a7693579ecb5e9b94d73afaff6.jpg

මට මතක ඇති කාලෙක උදාවුණු පසුගිය අවුරුදු හැම එකකම වගේ ජනවාරි පලමු වෙනිදා සතියේ වැඩ කරන දවසක්.

ඒ නිසා අපේ පසුගිය නව වසරවල් ඇරඹුනේ අළුත් ඇඳුම් ඇඳගෙන වෙනදාට වඩා උදෙන් කාර්යාලයට ගිහින්. කාර්යාලීය මිතුරු මිතුරියන්ගේ හැඩ බලමින් නව වසරට තොරතෝංචියක් නැතිව එකිනෙකාට සුබ පතමින්.

ඊළඟට පහන් දල්වලා ආගමික වතාවත් කරලා පිරිත් අහලා කාර්යාලීය ඉහල කළමනාකාරිත්වය කතා කිහිපයක් පවත්වලා, කිරිබත්, කැවුම්, කොකිස් ඇතුළු රස කැවිලි භුක්ති විඳලා. කො⁣හොම හරි මුළු උදය වරුවම අවුරුදු සමරලා.

හරියකට වැඩ පටන් ගන්නෙ දවල්ට කාලා.😁

මෙවර ඊට හාත්පසින්ම වෙනස් විදියකට ඉර පෑයුවේ. විවේකී සති අන්තයේ නිහඬව පවුලේ නව වසරක් විදියට. වෙනස්ම විදියක්. ඒකත් නරකම නෑ .

2020 වගෙම 2022 කියන්නෙත් ද්විත්ව වසරක්. පුරෝකථනය කරන්න ලේසි නැහැ. ඒත් මට හිතෙන විදියට මෙවර උදාවුණු වසර අපි හැම දෙනාටම අභියෝගාත්මක වසරක් වේවි.

වෙනදා ජනවාරි පලමු වැනිදාට දැනෙන හැඟී⁣ම් මුළුමනින්ම සැහැල්ලු නවමු ප්‍රීතිමත් ඒවා.

මෙවර අවිනිශ්චිත මිශ්‍ර හැඟීමක් බරට දැනෙන්නෙ. මං හිතන්නෙ අපි එදිනෙදා මුහුණ දෙන රටේ වර්තමාන ගැටළුකාරී වාතාවරණය නිසා වෙන්නෝනෙ එහෙම වෙන්නෙ.

හරියට නිකම් පුරුද්දට "සුබ අළුත් අවුරුද්දක් වේවා" කිව්වට "සුබ වෙයි ද කියල ෂුවර් නම් නෑ" වගේ හැඟීමක්. මෙහෙම හිතෙන්නෙ මට විතර ද නැත්නම් හැමටම එහෙම දැනෙනව, ඒත් වචනයෙන් ප්‍රකාශ නොකර ඉන්නව ද මන්දා.

එළඹෙන වසර අපේ ආත්ම ශක්තිය, ඉවසීමේ ශක්තිය, දරා ගැනීමේ හැකියාව, අපටම මැන ගත හැකි වසරක් වේවි. ඇතැම් විට කිසිසේත් බලාපොරොත්තු නොවන සිදුවීම් වලට ධෛර්යෙන් මුහුණ දෙන්න සිදුවේවි.

අළුත් අවුරුද්දෙ හා පුරා කියල වැඩ අරඹද්දි මෙහෙම ලියන එක හරි ද මන්දා කියලත් පොඩි ගිල්ටි හැඟීමක් දැනෙනවා. මේ ලිවීමෙන් කිසිවකු කිසිසේත් අධෛර්යවත් නොවේවා.🙄

පුද්ගලික පැතුම් මේ වසරේ නොදැනෙන ගානයි. තියෙන්නෙ පොදු ප්‍රාර්ථනා විතරයි වගේ.

යම් ආර්ථික ස්ථාවරයක ඉන්න රැකියාවල නියුතු අය මොන විදියේ වාතාවරණයකට වුණත් ඔරොත්තු දේවි. ගිනි ගාණට ගන්න හෝ කන බොන දේ තිබුණොත් කොහොම හරි කාලා ඇඳලා ඉඳීවි කියල හිතෙනවා.

ඒත් මේ රටේ ඉන්න නිශ්චිත ආදායමක් නැති අසරණ සහෝදර ජනතාවට කුස ගින්නේ ඉන්න සිදු වෙන්න නම් එපා කියලයි ඔබ සැමගේ පැතුම් ඉටු වීමට රට බංකොලොත් නොවී මේ තියෙන විදියටවත් ඉතිරි වේවා කියන එකයි මෙවර මගේ අවුරුදු පැතුම.

Steem Sri Lanka විසින් අසරණ ජනතාව වෙනුවෙන් මෙතෙක් කරන ලද පුණ්‍ය කටයුතු ඉතාම කෘතවේදීව සිහිපත් කරන අතර මේ වසරේදීත් එම කටයුතු පුළුල් කරන්නට ආර්ථික ස්ථාවරත්වය, ධෛර්යය, ශක්තිය ලැබේවා.😍

Sort:  

මෙහෙම හිතෙන්නෙ මට විතර ද නැත්නම් හැමටම එහෙම දැනෙනව, ඒත් වචනයෙන් ප්‍රකාශ නොකර ඉන්නව ද මන්දා.

හැමෝටම දැනෙනවා ඒත් කියන්නෑ 😬

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌻❤️

එහෙම ද ? ඔයාටත් මේ වසරේ සාර්ථකව අධ්‍යාපන කටයුතු කරගන්න ලැබේවා.😍👍

සුබ අලුත් අවුරුද්දක් 😍😍😍

ඔයාගේ පැතුම් ඉටුවන වසරක් වේවා.😍

අද වන විට මිනිස්සු ගොඩක් දෙනා අර කියපු අවිනිශ්චිත භාවය තදටම දැනුනත් ඒක අමතක කරලා මේ මොහොත හොදට ගෙවලා දානවා...😊

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

එහෙම වෙන්නැති.😍

Hi, @champikawije65,

Thank you for your contribution to the Steem ecosystem.


Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP

Thanks a lot.

Aththatama suba wasarak wewa kiyala prarthana karamu.

එහෙම කරමු. 😍

ඔබ සැමගේ පැතුම් ඉටු වීමට රට බංකොලොත් නොවී මේ තියෙන විදියටවත් ඉතිරි වේවා කියන එකයි මෙවර මගේ අවුරුදු පැතුම.

මමත් එහෙම ප්‍රර්තනා කරනවා.❤
සුබ අලුත් අවුරුද්දක් වේවා

සුබම වේවා !😍👍

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.029
BTC 56608.36
ETH 2976.28
USDT 1.00
SBD 2.15