මහා වංශය

in Steem Sri Lanka3 years ago (edited)

වර්තමානයේදී මහාවංශය සැලකෙන්නේ සෑම සිංහලයකු විසින්මත් සෑම බෞද්ධයකු විසින්මත් අනිවාර්යයෙන්ම කියවිය යුතු ඉතා වටිනා ග්‍රන්ථයක් විදියටයි.

IMG_20220102_222710.jpg

එනිසා පෞද්ගලික පුස්තකාලයක පවා මහාවංශය තිබිය යුතු යැයි කිසිවකුට රෙකමදාරු කරන්නට පුළුවන්.

විකිපීඩියා වෙබ් අඩවියෙන්;
Screenshot_20220102_222436.jpg
Screenshot_20220102_222254.jpg
ලඟකදියි මහාවංශයක් අප සතු වුණේ. මා මේ කියවමින් සිටින්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් සම්පාදිත සරල සිංහල අනුවාදයක්.මෙය මහාවංශයේ ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය.

විජය රජුගේ සිට මහසෙන් රජුගේ පාලන සමය දක්වා පමණක් මහානාම හිමියන් විසින් රචිත මෙම ප්‍රථම භාග⁣ය තුල විස්තර අඩංගුය.පසුව වෙනත් හිමිවරුන් විසින් ඉනික්බිති ඇතිවූ පාලන සමයන් පිළිබඳව ලියවී තිබෙනවා.

පිටු 527ක පරිච්ඡේද 37කින් සමන්විත මේ විසල් පොත හෙමි හෙමින් කියවන අතරතුර ඒ ගැන යමක් ලිවිය යුතුයි කියා හිතුණා. එහෙත් මෙවන් පෝස්ටුවකින් දීර්ඝ විස්තරයක් කිරීම දුෂ්කරයි.

පටුන පහත දක්වමි.

IMG_20220102_224333.jpg

IMG_20220102_224525.jpg

IMG_20220102_224437.jpg

පොත ඇරඹෙන්නේ ගෞතම බුදුන් වහන්සේ විවිධ ආත්මභාවවලදී විවිධ බුදුවරුන්ගෙන් නියත විවරණ ලැබූ අයුරු විස්තර කිරීමෙන්.

සම්බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී ලක්දිවට වැඩම කර ඉර්ධි බලයෙන් මහ වැසි, සුළං, ඝනාන්ධකාරය සහ ගිනි ජාලාවන් මැවූ අයුරු චිත්ත රූප මැවෙන ලෙස සවිස්තරව සඳහන් කර තියෙන අයුරු අපූරුයි.

IMG_20220102_222909.jpg

එසේම ජය සිරි මහා බෝධියේ දකුණු ශාඛා වහන්සේ ගැනීම මෙසේය.

IMG_20220102_223454.jpg

මෙසේ අප යන්තමින් අසා ඇති කතාන්දර සවිස්තරව කියවන්නට ලැබීම වෙනස්ම වින්දනාත්මක අත්දැකීමක්.

පොතේ ප්‍රස්ථාවනාවේ සඳහන් පරිදිම මෑතක් වනතුරුම මහාවංශය නිරවද්‍ය ⁣ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස නොසැලකුණි.

බොහෝ විට එය පක්ෂපාතී මහා විහාරික භික්ෂූන් විසින් මනහ්කල්පිත අදහස් පුරවා ලියන ලද ව්‍යාජ ඉතිහාස කතාවක් බවට මතයක් පැවතුණා.අද වනවිට මතු කරගත් පෞරාණික සෙල් ලිපි යනාදී සාක්ෂි මත ඒ මතය වෙනස් වී තියෙනවා.

තවමත් යාවත්කාලීන වන එකම ඉපැරණි ග්‍රන්ථය මහාවංශයයි. පසුගිය යුද සමය ගැන ලියවුණු මහාවංශ පරිච්⁣ඡේදය වැරදි සහගත බව මෑතක දී පාර්ලිමේන්තුව තුලදීත් කතාබහට ලක්වුණ බව මතකයි.

අදත් අපට ආඩම්බර වන්නට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය පමණයි. එනිසා හැකි වූ දිනෙක මෙම අපූරු ග්‍රන්ථය කියවන්නැයි ඔබට මින් ඇරයුම් කරන්නෙමි.

Sort:  

ඉතිහාසය කියන්නේ ඉස්කෝලෙදි මං ආසම නැති විශයක්..ඒ වුනාට ඉතිහාසය ගැන කතාවක් වගේ කියනකොට අහන් ඉන්න මං හරි ආසයි..

විෂයක් විදියට ඉගෙන ගන්න එක එපා වෙනව තමයි. මතක තියාගන්න ලේසිත් නෑ. නිදහසේ කියවන එක සතුටක්.

අදත් අපට ආඩම්බර වන්නට ඉතිරිව ඇත්තේ ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය පමණයි

eka nam aththa.

ada maha wanshe monwa liyawenawa athda.. api nodannawa unata issarath rajayata pakshawa thamai godak karunu liyawenna aththe

අනිවාර්යයෙන්. රාජාණ්ඩු නිසා වන්දිභට්ටයින්, ප්‍රශස්ති ගයන්නන්, "එසේය මහරජ" කියන මැති ඇමැත්තන් වට කරගෙන රජා ඉන්නැති.😁.

ස්කෝලේ පුස්තකාලේ තිබුනා.සම්පූර්ණයෙන්ම කියවන්න ලැබුනේනම් නැහැ.

විවේකිව කියවන්න ඕනැ පොතක්.

mahawanshaye dewal igena gattata e potha kiyawala na. meka dakkama kiyawanna tibunanm hituna. samahara welawata lipi wala kiyawala tiyenawa, tiyena okkoma toraturu atta washayenma ganna ba kiyala. api itin danne nane e kale monawa unada kiyala 😬.

ඒකත් එහෙම තමයි. 😁

Man thama kiyawala naha. kiyawanna oni aniwarayenma.

ඉඩක් ලැබුණම කියවන්න.

Hi, @champikawije65,

Thank you for your contribution to the Steem ecosystem.


Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP

Thanx a lot.

කියෙව්වට කමක් නෑ..ඕකෙ තීන දේවල් ඒ හැටියටම පිලිගන් එපා..ඕක අතිශෝක්‍ති වර්ණනාව උපරිම කරල මහානාම හාමුදුරුවො ලියල තීන්නෙ.

ඔව්.👍😁
අද වගේම වන්දිභට්ටකම් කල සංඝ රත්නය ඒ කාලෙත් ඉන්න ඇති.

කාලෙ විතරයි වෙනස් පුද්ගලයො වෙනසක් නෑ..

ඔව්, ආයෙම ඉපදිලා ඉන්නෙත් එයාලම ද දන්නෙ නෑ.

වෙන්නත් බැරි නෑ..😃😃😉

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.030
BTC 56577.01
ETH 2981.05
USDT 1.00
SBD 2.14