නිර්වාණ A book review through a poem|5% SL Charity

in Steem Sri Lanka2 years ago (edited)

අළු වලා ලුහු බඳින
අසීමිත අහස යට
අහඹු අනියම් හාදු
උමතු වෙරළත තබන
රැල්ල උඩ දාන
සල්ලාල මුහුදයි

කොණ්ඩ කරලක
ඇමිණි තරු ඇස්
බිම වැටෙන පාරේ
නොනගත ගේට්ටුව විවරයි
රිසි විටෙක සළු උණන
කොළොම්තොට
වෙසඟනක් වේ මැයි

මරිජුවානා මතක'තර
මලීනා දිසෙයි ඈ සොඳුරුයි
ලා රත් ලවන් දිදුලයි
ප්‍රචණ්ඩ වු ස්වයං රමණ ඇරඹෙයි

ගිටාරයෙ තත් තුලින්
ගිලිහී ලිහී ස්වර
අල්තාර මුදුනත දැවටෙයි
ලේයර් කල රීබොන්ඩඩ් වරලසේ
රිදී පෑ කෙස් ඉතින් නොදිලෙයි

අඳුන් තැවරුණු හෙයින්
දෙනෙත් යට සියුම් රැළි
නොපෙනෙයි
හස තුඩග බිම බලා සිටින වග
නුඹට නොහැඟෙන හෙයින්
නිර්වාන්,
මගේ දූ තරමටම
මං තාම තරුණයි

සරදාකාශයේ
ශෘංගාර නර්තන නිමවෙයි
මිණි මිණි සීනු හඬ ව්යැකෙයි
වියරු මත් රකුස් තෙම
නුඹ මගේ පුතා බව පවසයි
රමණය ද මරණයක් මැයි

අපරිමිත ස්නේහයෙන්
තුරුළු කර හිස ලයට
භූමිගේ තිලිණය
නුඹ වෙත තිලිණ කරමි
නිවෙනු මැන
බුදුවරිය මා මැයි

මං සාරදා......

පසු වදන :

පොතක් කියවලා හමාර වෙද්දී දැනෙන හැඟීම් විවිධයි. ලේබකයකු පොතක් ජනගත කලාම එය අයිති පාඨකයන්ට. එයාලා ඒක තමන්ට අනන්‍ය විදියටයි විඳින්නෙ. සමහර පොත් එතෙක් නොදුටු අපූර්ව ලොවකට අප මනසින් රැගෙන යන්න සමත්.

උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ පොත්වල භාෂාව එකිනෙකට වෙනස්.තේමාවට ගැලපෙන්න භාෂාව යොදාගන්න හරි පරෙස්සම්.

එතුමා ලියූ පොත් ප්‍රමාණාත්මකව විශාල සංඛ්‍යාවක් වුණත් මං කියවා තියෙන්නෙ කිහිපයයි."භික්ෂු පරිඡේදය" තාම කියවන්න බැරිවුණු ගන්න ඕනෙ පොතක්. "වස්සාන සිහිනය" පොතේ සරල බස් වහරක්. "ලලායනය" පොතේ තියෙන්නෙ පුරාතන ග්‍රන්ථවලට සමීප භාෂා රටාවක්. කොළඹ ගෙන්දගම් පොළව පසුබිම් කරගත් 'නිර්වාණ' වෙනස්ම පොතක්.

කියවද්දි මං ඒ තුලින් දුටුවෙ කවියකට උචිත අපූර්ව යෙදුම්. ඒ අපූර්ව වදන් පෙලහර විසින් මා තුල ජනිත කරණ ලද චමත්කාරය තමයි නවකතාව පුරා විසිරුණු වදන් එක තැනක අරුත් දනවන ලෙස රිද්මයානුකූලව ගොණු කිරීමට මාව පෙලඹවූ සාධකය.

පොත කියෙව්ව අයට මතක ඇති මේ අමුතු වචන. කියවා නැති අයට සන්නස්ගල සර්ගෙ මෙි නිර්භය ලියවිල්ල හැකි නම් කියවා බලන්න කියා ආරාධනා කරන්න කැමතියි.

මට හිතුනා මැදි වියේ කාන්තාවක වන සාරදාගෙ ආත්ම කථනය ලෙස ⁣මෙම ප්‍රතිනිර්මාණය සිදු කරන්න. ඒ නිසා ඇයගේ පැත්තෙන් හිතමිනුයි මේක ලිව්වෙ. අළුතින් හිතලා ලිව්වෙ පස්වෙනි සහ හයවෙනි කවි විතරයි. ඒ නිසා ඒවායේ පූර්ණ අයිතිය මගේ.😁

මේ කවියේ ඉන්නෙ පොත කියවද්දි මගේ මනසේ ඇඳුනු සිය තුරුණු දියණියගේ පෙම්වතා වන නිර්වාන් හා පැටළුණු සාරදා.🙄😏.

ඕනෑම නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණය කතාබහට ලක්වීම පවා සතුටක්. ඒ බව හොඳින්ම දන්නා නිසා ලේඛකයාව දන්නෙ නැතත් මේ කවිය ලියලා messenger හරහා යැව්වා මතකයි. පිළිතුරු ලෙස සර් මහ විශාල 👍ක් එවා තිබුණා.

IMG_20220115_084502.jpg

Sort:  

එයාලා ඒක තමන්ට අනන්‍ය විදියටයි විඳින්නෙ

Eka atta. Ekama novel eka unath kiyawana aya eka wenas widiwahalata kiyawanna puluwm. ehema unama tamai novels tawath lassana..

ඔව් අනිවාර්යයෙන්. එකි⁣නෙකාගෙ වින්දනය වෙනස්.

kaviya kiyewwama potha kiyawannama hituna.

අමුතු වචන, අමු වචන, දිරවගන්න අමාරු භාෂාවක්.

සන්නස්ගල කියන්නෙ අමුතු ආරෙක රචකයෙක්. මාත් පොත් එකක් දෙකක් කියවලා තියෙනවා.

ඔව්, ඇත්ත.

කියවා නැති අයට සන්නස්ගල සර්ගෙ මෙි නිර්භය ලියවිල්ල හැකි නම් කියවා බලන්න කියා ආරාධනා කරන්න කැමතියි.

ඉස්සර ඉඳම්ම පොත් කියවන්න ගොඩක් ආසාවක් තියෙනවා. ඒත් දැන් තියෙන කාර්ය බහුල ජීවිතෙත් එක්ක ඒකට වෙලාවක් වෙන්කර ගන්න එක ගොඩක් අමාරු වැඩක්.😕

ඇත්ත. අපට දුවන ජීවිතනෙ තියෙන්නෙ.මටත් ලේසි නෑ වෙලාව හොයාගන්න. නිදා ගන්න කලින් පිටු දෙක තුනක් කියවනවා.

Eka aththa. Api kiyawna poth api widinne wiwidha widiyata.

ඔව්. සමහරු හොඳ කියන පොත අපට හරි නෑ වෙන්න පුළුවන්. වින්දන පරාස වෙනස්.

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.030
BTC 56577.01
ETH 2981.05
USDT 1.00
SBD 2.14