හදිසි අනතුරක් | 5% SL Charity

in Steem Sri Lanka2 years ago (edited)

ඊයෙ ඉරිදා අමතක නොවෙන අත්දැකීමක් ලැබුණු දිනයක්.

උදේ කෑමෙන් පසු නිහාල් පුතාත් සමඟ නිවෙස පසුපස වැවුණු කෙසෙල් ගසක පැසී තිබුණු කෙසෙල් කැනක් කපන්න ගියා.

ටික වෙලාවකින් මොර දීගෙන දෙදෙනාම දුවගෙන ආවා.කපන විට ඒ ලඟ තිබුණු වෙනත් කුඩා ගසක බැන්ද පුංචි දෙබර කූඩුවක් ඇවිස්සී දෙබරුන් නිහාල්ගේ හිසටත් අතටත් දෂ්ඨ කර තිබුණා.

ඒ කූඩුව කෙසෙල් පරඬැල්වලින් හැදුවා සේ පෙනෙන කවුළු සහිත පොඩි බෝලයක්. ලේසියෙන් ඇහැට පේන්නෙත් නැති එකක්. මේ පහත තියෙන්නෙ ඒක.

IMG_20220425_195415.jpg

දෙබරුන් විද්ද ගමන්ම නිහාල් පුතාට දුවන්නැයි කෑ ගසමින් දුව ආ නිසා පුතා බේරී තිබුණා. ගෙදර තිබුණු "සර්ව විෂාදි" බෝතලේ අවසන් බිංදු ටික ගෑවත් ඉවසන්න බැරි තරම් වේදනාවක් දැනෙන බව කීවා.

බෙහෙත් ගන්න යන්න ඕනැදැයි අසල්වැසි හෙදි මිතුරියකට කෝල් කළාම ඈ කිව්වෙ වහාම යන්න කියලයි. ඉතින් නිහාල් පුතාවත් එක්ක බෙහෙත් ගන්න පුරුදු දොස්තර මහතා ලඟට ගියා. සති අන්තයේ දවසක් නිසා වෙලාවට එයා ඩිස්පෙන්සරියෙ හිටියා.

එයා අහල තිබුණෙ 'කී දෙනෙක් කෑව ද' කියලයි. 'දෙන්නෙක් වෙන්න ඕනෙ' කිව්වම බෙහෙත් දීල එවලා තිබුණා.හැකි තරම් වතුර බීල මුත්‍ර පිට වෙනවා ද කියා බලන්නත් කියල තිබුණා. පැය 24ක් මේ වේදනාව පවතින බව කියල අමාරු වුණොත් පමා නොවී රෝහලට යන්න කියලත් කිව්වළු.

දෙබර විෂ කෙලින්ම බලපාන්නෙ වකුගඩුවලට. විතක් / කටුවක් නිකුත් කරන්නෙ නැතත් දෙබරු තුන් දෙනෙක් හෝ ඊට වැඩි ගණනක් දෂ්ඨ කළොත් මාරාන්තික වීමේ ඉඩක් තියෙනවා.

වෙලාවට ඔයින් බේරුණා. ගැටළුව තියෙන්නෙ මේ වෙනකොට ඇතැම් රෝහල්වල සර්පයින් දෂ්ඨ කලාම එන්නත් කරණ බෙහෙත් පවා නැති එකයි. ඒ නිසා හදිසි අනතුරකට ලක්වීමම අවදානම්.

ගූගල් වෙබ් අඩවියේ හෙව්වම මෙහෙමයි චණ්ඩියගෙ පැටිකිරිය ලියා තිබුණෙ.

Screenshot_20220425_225407.jpg

එයාලට රෑට කළුවරේ ඇස් පේන්නෙත් නැති නිසා රෑට හපා කන්නෙත් නෑළු.😁

ඒත් ඔය කියන විදියට දෙහි ගෙඩියකින් දමා ගැසීම නම් අන්තිම අවදානම්.අහල පහල ගෙවල්වල අයට පවා එලව එළවා පහර දෙනවළු.🙄

ඒත් දැන් පුළුවන් කෙනෙකු ලවා මේක අයින් කරවා ගන්න වෙනවා. නැත්නම් කල් යද්දි මහ විශාල දෙබර කූඩුවක් වෙනවළු මේ පොඩි බෝලෙ.

Sort:  

මම අහල තියනවා දෙබරු 7 ක් කෑ වොත් නයි විෂ කියල. කොහොම වුනත් ඔයාගේ පුතා බේරිලා තියෙන්නේ 99 න්. පුතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

ස්තුතියි ඔයාට.

Nohithana welawal wala thamai karadara enne. Oin beruna eka athi. Me beth nathi kale parissamen enna one.

ඔව්, ඇත්ත.

eke hadayath ekka penne na. kesel paradel wagemai penne.

ඔව්නෙ. 😁

e kuduwa penne na thamai. ara issara sigiriye ehema debaru dashta karala minissu arn yanne. satha punchi unata bayanakai

සීගිරියෙ තියෙන්නෙ බඹර කූඩු.මුන් ඊටත් වඩා විෂළු.

Kohoma unath pera wasanawakata berila thiyenawa... Apata thiyena prashna madiwatada manda...ohoma wenneh???

අපේ චූටි නංගිගෙත් දෙබරු කාලා හොස්පිට්ල් ඉන්නත් වුණා. එයාලා හරිම විසයි. දැන් සනීපයිද?

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.030
BTC 56577.01
ETH 2981.05
USDT 1.00
SBD 2.14