අද, අප සහ රට (5% for SL Charity)

in Steem Sri Lanka2 years ago (edited)

සියල්ල උඩු යටිකුරු වූ රටක හෙට කුමක් වේදැයි නොදන්නා අතිශය අවිනිශ්චිත කාලයක අද මේ මොහොතේ පමණක් ජීවත් වීමට හුරු පුරුදු වෙමින් සිටින්නෙමු.

ඊයේ පෙට්‍රල්වලින් දුවන වාහනය දුර රාජකාරි ගමනකට ලබා දී ළඟ වැඩබිම්වලට යාමට ඩීසල් කැබ් රථය යොදා ගතිමු. ඊයේ ෂෙඩ්වලින් ඩීසල් ලබා ගත නොහැකි වුව ද එහි ටැංකියෙන් බාගයක් පමණ තෙල් ඇතැයි රියදුරා පැවසීයෙන් එසේ කළෙමු.

අද වන විට තෙල් මිල යලි වැඩි වී ඇත. හෙට හෝ අනිද්දා වන විට කුමකින් කුමක් වේ දැයි කිව නොහැක. ඇතැම් විට වාහන ගාල් කර අයින් වී පයින් යාමට සිදුවනු ඇත.

කාට අත පා හෝ යම් ඇස්බැන්දුමකින් ඩොලර් ටිකක් ලබා ගතහොත් තෙල් අර්බුදය සතියකට විසඳෙනු ඇත. එසේ නොමැති වුවහොත් රැකියාවට හෝ වෙන කොහේවත් යා ගත නොහැකිව නිවෙසට කොටු වී සිටීමට අපට සිදුවනු ඇත.

පොදු ප්‍රවාහන සේවා නතර වුවහොත් හෝ අඩපණ වුවහොත් රට මුළුමනින් හෝ අර්ධ ලෙස අකර්මණ්‍ය වනු ඇත. කර්මාන්ත, ජල සහ විදුලි සැපයුම් .....?

රටේ පාලකයන්ට සහ ඔවුන්ගේ සමීපතමයන්ට හා වරප්‍රසාද ලාභීන්ට හැර සාමාන්‍ය මහ ජනතාව⁣ වන අපට ආහාර, බෙහෙත් හා අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය ගිනි ගානට හෝ ලබා ගත හැකි ක්‍රම වේදයක් ඇති වේදැයි නොදනිමු.

අස්වැන්න අහිමි වූ වී සහ එළවළු ගොවීන්, රට බඩ ඉරිඟු ගෙන්වන නිසා තමන්ගේ බඩ ඉරිඟු අලෙව් කල නොහැකි බඩ ඉරිඟු ගොවීන් ඇතුළු හරි ආදායමක් නැති දුගී දරු පවුල් දිනකට වේලක් හෝ කන්නේ දැයි සොයා බලන්නට කිසිවකුත් නැත.

අපට නම් ලයිට් කපන්නේ නැත. හේතුව හරියට නොදන්නා නමුත් අනුමාන කල හැක්කේ අප ජීවත් වන්නේ අනුරාධපුර ඤානා මෑණියන්ගේ VIP දේවාල පාරේ නිසා හෝ අසල පිහිටි යුද හමුදා කඳවුර නිසා විය යුතු බවය.කෙසේ හෝ අප ද ඉබේ වරප්‍රසාද ලාභීන්ව ඇත. දේසපාළු මහත්හොරුන්ගේ මන්දිර අවට වෙසෙන අය ද අප මෙන්ම භාග්‍යවන්තයන්ය. ඔවුන්ට ද ලයිට් කපන්නේ නෑළු.😁

මේ අරුම පුදුම රටේ කුමන ව්‍යසන⁣යක් මැද වුව ද සියළු ධනවතුන් බලවතුන් හා ඔවුන්ගේ සමීපතමයන් කිසිදු අඩු ලුහුඬුකමකින් තොරව සදා සුවසේ වෙසෙන අතර වදින හැම හෙනයක්ම වදින්නේ අහිංසක නැති බැරි දුප්පතුන්ටමය.

ඊයේ අකර්මණ්‍ය වූ විදුලි වැටවල් නිසා වල් අලි ගම්වලට කඩා වැදී මිනිසුන් විලාප දෙන අයුරු රූපවාහිනියෙන් නැරඹීමි.😪

ඉදිරියේ දී විදුලි අර්බුදය කුමන ස්වරූපයක් ගනී දැයි නොදනිමු. විදුලිය කපන පැය නොව දෙන පැය ගණන මතක තබා ගන්නට ඇතැම් විට සිදු විය හැක.

තෙල් සංස්ථාවෙන් ගත් ණය බිලියන ගණනක් වන තුරු අති දීර්ඝ කාලයක් තිස්සේ නොගෙවා සිටීමට විදුලි බල මණ්ඩලයට ඉඩ දුන් අය ද අතිවිශාල කමිෂන් මුදලක් ලබාගෙන සදා කැඩෙන බව දැන දැන නොරොච්චෝලේ රටට තිළිණ කල අය ද නිහඬව සුවසේ වෙසෙත්.

සල්ලි අච්චු ගහන කොල මිල දී ගන්නට ඩොලර් නැති වෙන මොහොත වන තෙක් සල්ලි අච්චු ගසනු ඇත. මේ ලෙස එදිනෙදා පැලැස්තර දමමින් එදා වේල ටුවර්ස් තව කොතෙක් දවස් දිවිය හැකි වේද ? 😪

මේ සියල්ල සිදුවෙද්දී අප තවමත් සුරංගනා කතා අසමින් ඉන්නට රටක් ඉතිරිව ඇතැයි හිත් සනසා ගන්නට වෑයම් කිරීම තරම් විහිළුවක් තවත් තිබේද ?

මව් බිමෙන් කොටසක් රටේම පුරවැසියන් වන අන්‍ය ජාතිකයන් අත්පත් කර ගනිතැයි බියෙන් තිස් වසරක් පුරා රණ විරුවන් කල ජීවිත පූජාවන්ට සහ දෑත්, ⁣දෙපා, දෑස් දන් දීම්වලට මෙන්ම 1815 දී ඉංග්‍රීසීන්ට යටත් නොවීමට ජාතික විරුවන් දිවි පුදා කල නිදහස් සටනින් කිසිදු පලක් ඇත් ද ?

රට වෙනුවෙන් දිවි පිදූ කිසිවෙකුට අද වන විට සාධාරණයක් ඉටු වී තිබේද ?

මේ වන විට ⁣කුඩා රටවලට පවා අත පාන හීන දීන යටත් විජිතයක් බවට පත්ව රටේ ඉඩම් එකිනෙක විජාතිකයන්ට විකුණමින් හිඳින්නෙමු.🙄

තෙවන ලෝක යුද්ධයක් ගැන නොසිතා ඉන්න⁣ට කැමැත්තෙමි.එය වැලැක්වීම උඩ ඉන්නවා යැයි කියන තිස් තුන් කෝටියට බාරය.

IMG_20220226_233558.jpg
Image from wallpapercave.com

Sort:  

ඒ උනාට ඉතිං එයාල තමයි හොදටම කරල තීන්නෙ..

එයාල හොඳටම කරගෙන තියෙනවනෙ, ඒ මදෑ.😁😏

අන්තිමට කියන්න තියෙන්නෙ අපි ඔක්කොම පව් කියලා තමයි.😐

ඔව්, රැකියාවක යෙදෙන අය කොහොම හරි කාල බීල ඉඳීවි. එදා වේල හොයා ගන්න මිනිස්සු තව තව අසරණ වෙනවා.

මේ දේවල් වලින් හොදටම පාර වදින්නෙ දවසෙ ආදායමෙන් ජීවත් වෙන මිනිස්සුන්ට. ගිනි ගනන් වලට බඩු අරගෙන වැඩි මිලට තෙල් ගැහුවම ආයේ ඉතින් වෙන දෙයක් කරන්න වෙන්නෙ නෑ. කොච්චර බලාපොරොත්තු තියෙද මිනිස්සුන්ට. 😶

මේ රටේ දක්ෂ උගත් බුද්ධිමත් තරුණ අය නැතිව වගේ අපි හැමදාම මාරුවෙන් මාරුවට චන්දෙ දෙන්නෙ හැත්තෑව පැනපු එකම හොරු සෙට් දෙකකට. මෙච්චර දෙයක් රටට වෙලත් තාම කොමිස් ගැහිල්ලයි හොරකමයි නැවැත්තුවෙ නෑ. දැන් මේ මොහොතේ හෝ රට කෑවා ඇති කියලා හොරකම නැවතුනොත් මොන විදියෙන් හරි බංකොලොත් නොවී බේරෙන්න පුළුවන් වෙයි.

Hi, @champikawije65,

Thank you for your contribution to the Steem ecosystem.


Please consider voting for our witness, setting us as a proxy,
or delegate to @ecosynthesizer to earn 100% of the curation rewards!
3000SP | 4000SP | 5000SP | 10000SP | 100000SP

Current eka na qwama apita hithennewath nathi deyak thamai Ali wetak gena. Eth eka attatama bayanakai.

Kohomahari lankawa yannenm echchara hoda paaraka nemei.😕

ඔව්, කොහෙන් නවතියි ද දන් නෑ.

ekanm aththa. Heta monawage thathwayak athi weida kiyla hitha ganna baha.

කියවීම සතුටක්.ස්තුතියි.😍

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.029
BTC 56608.36
ETH 2976.28
USDT 1.00
SBD 2.15