CID RAMACHANDRAN Retd. SI
ඉතින් අද ලියන්න යන්නේ සුපිරි මලයාලම් movie එකක් ගැන.ගොඩක්ම Tamil , තෙළිඟු Movies බලන්න මං ගොඩක් ආසයි. ඉතින් ඒ අතරින් මේ movie එක නම් ගොඩක් ඉහල තත්ත්වයක තියෙනවා.ඉතින් අභිරහස් විදියෙ movie බලන්න ආස කෙනෙක්ට නම් මේක ගොඩක් ගැලපෙනවා.මේ ෆිල්ම් එක release වෙලා තියෙන්නේ මේ වර්ෂයේමයි. ඒ වගේම මේ ෆිල්ම්එකට imdb 8ටත් ඉහළ අග්යක් ලැබිලා තියෙනවා ඉතිං ඒකේ ම ඔයාලට රිදාගන්න පුළුවන් මේක කොයි තත්වෙ තියෙන movie එකක්ද කියලා.ඉතිං ෆිල්ම් එක පුරාවට කුතුහලය වැඩි කරන්නට සමත් වෙනව වගේම කිසිදු කම්මැලික්මකින් තොරව බලන්න පුළුවන් ෆිල්ම් එකක් විදිහට මේක පෙන්නන්න පුලුවන්.හරි ඉතින් ෆිල්ම් එක ගැන පොඩි idea එකක් ගමු.
ඉතින් රාම් කියලා රහස් පර්යේෂකයෙක් වගේ තියුණු බුද්ධියක් සහිත SI කෙනෙක් ඉන්නවා නමුත් ඔහුට පොලිස් රාජකාරියෙන් විශ්රාම යන්න සිද්ධ වෙනවා.ඒත් අපරාධ විසඳන්න තියෙන කැමැත්ත නිසාම ඔහු පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් විදිහට වැඩ ආරම්භ කරනවා.ඉතින් ඊට පස්සේ අඳුරන නීතිඥ කෙනෙකුගෙ මාර්ගයෙන් උර්මිලා කියලා කාන්තාවකගේ ඝාතන නඩුවක් හම්බවෙනව.මේකට සැකකාරයෙක් විදියට අල්ලගෙන තියෙන්නේ අයත් එක්ක ගොඩක්අනියම් සබඳතාවක් පව්ත්වා ගෙනගිය පුද්ගලයෙක්.නමුත් ඝාතකයා ඔහු නොවෙයි කියලා අන්තිමට ඔප්පුවෙනව.ඒත් එක්කම ඇත්ත ඝාතකයා හොයාගන්න බැරි නිසාම පොලිසිය විසින් මේ නඩුව අත්හැරලා තමයි තියෙන්නේ. ඒත් රාම් විසින් පොලිසියට හොයාගන්න බැරි උන ගොඩක් සාක්ෂි අපරාධය පිළිබඳව හොයාගන්න සමත් වෙනවා.ඔහුට ඔයා ගන්න පුළුවන් වෙනවා උර්මිලා එක්ක ගොඩක් පෞද්ගලික අමනාප තිබුණු කට්ටිය ඉඳලා තියෙනවා කියලා.ඉතින් මේ අතරින් ඔහුට හරි කෙනා හොයාගන්න පුළුවන් වේවිද? මේ ගැන කුතුහලය පිරුණු කතාවක් තමයි ෆිල්ම් එක පුරාවට ඇදිලා යන්නෙ.ඉතින් කිසිම සැකයකින් තොරව නම් කරන්න පුළුවන් කිසිම කම්මැලිකමක් නැතුව මේ ෆිල්ම් එක බලන්න පුළුවන් කියලා.
මම බැලුවා මේක. හොඳ මූවි එකක්.