රටේ දේශපාලනය - 2

in Steem Sri Lanka4 days ago

1000114352.webp
source

ඉතින් කලින් article එක මම ඉවර කරේ ජනාධිපතිවරණය තෙක් රටේ දේශපාලනය ගැන විස්තරයක් කරලා.හරි ඉතින් මට හිතුනා ඊට පස්සේ රටේ ඇතිවුණු දේශපාලන පෙරළිය ගැන මේකෙන් ලියන්න.කොහොම හරි රටේ ඇති වූ විවිධාකාර පෝලිම් වලින් මිනිස්සු හොඳටම බැට කෑවේ පෙට්‍රල් ඩීසල් සහ ගෑස් පෝලිම් නිසා.මිනිස්සු කොච්චර අසරණ වුනාද කියනවනම් දවස් ගණන් පෝලිම් වල හෙම්බත්වෙලා ,රැකියාවෙන් නිවාඩු දාලා පෝලිංවල නිදි මරාගෙන ඉඳලා බයික් එකට ලීටර් හතරක් තෙල් ගහගන්න තරමට මිනිස්සු දුක් වින්දා.ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි රටේ පාලකයෝ ඇති කරපු ආර්ථිකමය බිඳවැටීම නිසා.ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුණාට පස්සේ ඒ ධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ රටේ පාලනය ගෙන ගිය අතර රටේ ඇති වූ මෙම තත්ත්වයට ඔහුත් ප්‍රධාන ලෙස වගකිවයුතු බව මිනිස්සු වටහා ගත්තේ ඔහු ඇති කරපු මහා බැංකු මංකොල්ලය නිසා.

ඉතින් මැතිවරණ දිනෙන් දින කල් දමමින් ගියපු වකවානුවක අවසානයේ ජනාධිපතිවරණය පැමිණි අතර එය කල් දැමීමට ජනාධිපතිවරයා ගත් උත්සාහ සාර්ථක වුණේ නෑ.ඉතින් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් විශාල පිරිසක් තරග වැදුණු අතර ප්‍රධාන ලෙස රනිල් වික්‍රමසිංහ ,සජිත් ප්‍රේමදාස ,නාමල් රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක තරඟ වැදුණා.ඉතින් අනුර කුමාර දිසානායක ගියවර ජනාධිපතිවරණයටත් තරග වැදුණු අතර එහිදී ඔහුට ලබාගත හැකි වූයේ 3% ප්‍රතිශතයක් පමණයි.ඒ නිසාම ඔවුන්ට එම කාලයේ සෑහෙන්න අවමානයට ලක් වෙන්නත් සිදුවුණා.කෙසේ හෝ මිනිසුන්ට මෙවර අවශ්‍ය වූයේ හොරකමින් වංචාවෙන් තොර පාලකයෙක්.ඉතින් එලෙස ගත් කළ හිටපු එකම විසඳුම අනුර කුමාර දිසානායක පමණයි.ඔහුගේ දේශපාලන දැනුම , ප්‍රතිපත්ති ප්‍රකාශනය මිනිස්සුන්ගේ සිත් තුළ මෙවර ලොකු වෙනසක් ඇති කළා.ඉතින් මිනිස්සුන්ටත් කල නොහැක්කක් නොමැත යන්න මනාව ඔප්පු කරමින් මෙවර රටේ පාලකයා බවට පත්වීමට අනුර කුමාර දිසානායක සමත් වුනා.ඉතින් ඒ විදිහට රටේ දේශපාලනය වෙනමම මාවතකට හැරෙන්නට අනුර කුමාර දිසානායක ජනාධිපති වීම බලපෑවා.ඉතින මේකෙ අවසාන කොටස ඊළඟ article ඒකෙන් ගේන්න මම හිතුවේ මේක ටිකක් දිග වැඩි වුන නිසා.

Coin Marketplace

STEEM 0.19
TRX 0.18
JST 0.033
BTC 87161.65
ETH 3057.00
USDT 1.00
SBD 2.75