ආදරය හිමිවිය යුතුමද???

in Steem Sri Lanka5 days ago

1000110035.jpg
source

ඉතින් ඔයාලා පරිස්සමෙන් ඇති කියලා හිතනවා.ජීවිතයේ කිසිම දෙයක් ස්ථිර නැහැ සැම දේම අනිත්‍යයයි.ඉතින් අපි අකමැත්තෙන් වුණත් ඒ දේට එකඟ වෙන්න ඕනේ.ආදරය වුණත් එහෙම්මම තමයි.අපි පතන ආදරය අපි හිතන විදිහටම අපිට හම්බ වුණත් අපිට හැමදාම ඒක ඒ විදිහට තියාගන්න බැහැ,කවද හරි දවසක අකැමැත්තෙකුටත් අපිට ඒ දේ හැරදාලා යන්න සිදුවෙනවා.වෙනසකට තියෙන්නේ ඒක ඉක්මන් පරක්කු වෙන එක විතරයි.අපේ ජීවිතයේ සමහර දේවල් වගේම අපි ආදරය කරපු කරන මිනිසුන් අපිව හරි අසාධාරණ විදිහට හැර දාලා යනවා,නමුත් අපි ඒ හැම දේ ගැනම හිතලා පසුතැවෙන්න ඕනද?ම්ම්ම් ඕන කෙනෙක්ට ඒ ගැන කණගාටුවක් එන එක සාධාරණයි,නමුත් හැමදාම ඒ ගැන හිත හිත පසුතැවෙන්න ඕන නැහැ,මොකද එහෙම හැරදාල යන්නේ එයාට ඔයාව වටින්නේ නැති නිසා.නමුත් අපිට ඒ මගහැරුණු ආදරය ආයෙත් කාගෙන් හෝ ලැබෙනවා කියලත් අමතක කරන්න එපා.ඔයා ඒක ගැනම පසුතැවිද වි හිටියොත් ඔයාට ඒ හමුවෙන ආදරණීයන් මඟ හැරෙන්න පුළුවන්.මේක හරි ලස්සන කතාවකින් කියලා තිබුණා මුහුණු පොතේ.ඉතින් මට හිතුනා ඔයාලත් එක්කත් ඒක බෙදාගන්න.

වයස අවුරුදු හතලිහක් උන,කවදාවත් කසාද බැඳලා නැති,ළමයිනුත් නැති ෆ්‍රෑන්ස් කෆ්කා
දවසක් park එකේ ඇවිදන් යනවා..Berlin වල.
මෙහෙම යද්දි පුංචි ගෑණු ළමයෙක් අඬනවා...
"ඇයි පුතේ...."
කෆ්කා අහනවා

"මං ආසම බෝනික්කා නැති වෙලා..."
පුංචි ළමයා උත්තර දුන්නා...
Park එකේ හැමතැනකම බෝනික්කා හෙව්වට හම්බුනේ නෑ....

"පුංචි දුව හෙටත් එන්න අපි ටිකක් හොයලා බලමු ම්ම්ම්...."

එහෙම කියලා පහුවදාත් ඇවිත් හෙව්වට බෝනික්කා නෑ පේන මානෙකවත්....
කෆ්කා මේ පුංචි ළමයට දෙනවා ලියුමක් බෝනික්කා ලියපු,
" කරුණකරලා අඬන්න එපා මම ලෝකෙ වටේ ටිකක් ඇවිදින්න ආවා...
මං ඔයාට හැමදාම ලියන්නම්....මං දකින දේවල්,,අරුම පුදුම දේවල් ගැන...මං ආපහු එනවා.."
මෙන්න මෙහෙම බෝනික්කා එවන ලියුම් (කෆ්කා ලියන) park එකේදි පුංචි ළමයට ඇහෙන්න කෆ්කා කියවනවා....
ලෝකෙ ගැන ගොඩක් දේවල්,දකින දේවල්, රට රටවල විස්තර....,යන එන තැන්, විනෝද විස්තර,

ගොඩක් කාලෙකට පස්සෙ කෆ්කා වෙන බෝනික්කෙක් අර ගෑණු ළමයට ගිහින් දෙනවා. මූණ අඳුරු කරගන්න ළමයා,

" මෙයා මගෙ බෝනික්කා නෙවෙයි..මෙයා හොඳටම වෙනස්.."

කෆ්කා තවත් පුංචී ලියුමක් දෙනවා බොනික්කා ලියපු...
" මං ගිය හැම ගමනකටම පස්සෙ මාව ගොඩක් වෙනස් වෙලා....මං ඔයා හොයන බෝනික්කාමයි.."
ලියුම කියවන ළමයා සතුටින් ඉපිලිලා බෝනික්කව ආදරෙන් වැළඳගෙන ගෙදර යනවා...
අවුරුද්දකට පස්සෙ කෆ්කා ජීවිතයෙන් සමුගන්නවා...
ඉන් ගොඩාක් කාලෙකට පස්සෙ තරුණ ගෑනු ළමයට බෝනික්කාගෙ හංගලා තිබ්බ පුංචි ලියුම් කෑල්ලක් හම්බෙනවා....කෆ්කා මෙන්න මෙහෙම ලියලා...
" ඔයා ආදරය කරන හැමදේම සමහරවිට නැතිවෙලා යාවි...නමුත් අවසානයේදි ඒ ආදරය නොහිතන ආකරයකින් ආපහු ජීවිතයට ලැබේවි...."

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 75904.17
ETH 2906.60
USDT 1.00
SBD 2.64