ලස්සන රටක්....

in Steem Sri Lanka4 days ago

1000090577.jpg
source

ඉතින් යාලුවනේ article එකේ මාතෘකාව දැක්ක ගමන් පොඩි හුරු බවක් දැනෙන්නත් ඇති මොකද පසුගිය කාලේ අපේක්ෂකවරුන් යොදාගත්ත එක වැකියක් තමයි මේක.ඒත් අද මම ලියන්නේ ඒ ගැන නෙවෙයි.ඇත්තටම මිනිස්සු ගොඩක් ආකල්ප අතින් තාමත් ඉන්නේ ගොඩක් පිටුපසින්.මොකද මිනිස්සුන්ට කරන්න පුළුවන් සුළු සුළු දේවල් පවා මිනිස්සු මගහරින්නේ හිතාගන්නවත් බැරි විදිහට.ඇත්තටම රට සංවර්ධනය කරන එක පාලකයන්ට විතරක්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි , ඒකට මිනිසුන්ගේ අතින් නොමසුරු දායකත්වයක් ලැබිය යුතුමයි.ඉතින් ඒ වලින් එකක් ගත්තහම අපේ මිනිස්සු කොච්චර ගමනක් යද්දි තැන තැන්වල කුණු දාන්න පුරුදුවෙලා ඉන්නවද? මේක මම සෑහෙන්න දැකල තියෙන වැඩක්.කොළඹ වගේ නම් ගොඩක් දුරට වෙනවා.හැබැයි කියන්න සතුටින් දැන් මිනිස්සු ඒ කාලේ වගේ නෙවෙයි, පොඩ්ඩක් ඒ අතින් හැදිලා තියෙනවා ඒත් තවම ලොකු අඩුවක් නෑ.මම හිතන්නේ ළමයින්ට තමයි මේක මුලින්ම උගන්වන්න ඕන, මොකද එතකොට ඔවුන්ට ඒ ආකල්පය දිගටම හිතේ තියෙනවා , ඉතින් ඒ නිසා කොහේ ගියත් තමන් අරන් යන දේ තමන් ගන්න දේ , නිකං පාරක් අයිනට කානුවකට විසි කරන්නේ නැතුව , කුණු දාන්න ඕන නියමිත තැනක් බලලා ඒක දාන්න ඕන.මේක හරි ලස්සන article එකක දාලා තිබ්බා.මේක තිබුනෙත් මුහුණු පොතේ "තටු සිඳින කිරිල්ලි" කියන පිටුවක.ඉතින් කතෘට මේකේ සම්පූර්ණ අයිතිය අයත් වෙනවා කියවලා බලන්න ඔයත් මේ වගේ කෙනෙක්ද කියලා.

මම අද බස් එකේදි කෙල්ලෙක්ව දැක්කා. බෑග් එකේ එක සාක්කුවක කුණු පුරෝගෙන.. බීල ඉවර කළ කිරි පැකට් එකක්, කාල ඉවර වුණ පීනට් පැකට් එකක් පේන්නම තිබුණ..

ඒවගේ කෙනෙක් දැක්කොත් මොකද හිතෙන්නෙ?
අපෝ මහ කුණු ගොඩක්, බෑග් එකේ කුණු පුරවගෙන.. බෑග් එකවත් අස් කරල නෑ කියලද??

හැබැයි මට නම් හිතුනෙ වෙනමම දෙයක්..
බැඳලා නැත්නම් කවද හරි බැඳපන් අන්න ඒවගේ කෙල්ලෙක්..

දන්නවද ඒ ඇයි කියල??

එයා තමන්ව පිරිසිදුවට පේන්න කියල, තමන්ගෙ කුණු තැන තැන අත ඇරල රට අපිරිසිදු කරන කෙනෙක් නෙමේ..
කුණු ටික දාන්න නිසි තැනක් තිබුණෙ නැත්නම්, ඒ ටික බෑග් එකේ සාක්කුවක පුරවගෙන ගෙදර අරන් යන කෙනෙක්..

ඒ කුණු අනිත් අය දැක්කම මොනව හිතයිද කියල හැමෝටම හොරෙන් පාර අයිනට, බස් එකේ මුල්ලකට කුණු දාන පුරුද්දක් ඒ කෙල්ලට නෑ..
ඒ වෙනුවට,,මේ තමන්ගෙ රට, ඒක ලස්සනට තියාගන්න ඕනෙ කියන හැඟීම හැම වෙලාවෙම හිතේ වැඩ කරන කෙනෙක්..

සමහරවිට ගෙදර ගියාම ඒ කුණු ටික අස් කරන්න අමතක වෙලා ඊළඟ දවසෙත් අරන් යනව ඇති.. ඒත් එහෙමයි කියල තමන්ගෙ කුණු වලින් නිදහස් වෙන්න හිතාගෙන රට අපිරිසිදු නොකරන හදවත් ඇත්තටම හරි ලස්සනයි..

තාමත් යන යන තැන කුණු දාල එනව නම්, දැන්වත් වෙනස් වෙන්න !!!!

පසුවදන 🙏🙏🙏

අපිරිසිදු කරන එක විතරක්ම නෙවෙයි හුස්ම පොද ගන්න , හැදෙන වැඩෙන ගහකොළ පරිසරයට අපි ප්ලාස්ටික් , පොලිතීන් එකතු කරනවා කියන්නේ අපි ඉපදුනු රටට , පොළොවට කරන පවක්..ගෙදර ගිහින් හැබැයි ප්ලාස්ටික් , පොලිතීන් දේවල් ගිනිතියන්න එහෙමත් එපා.. ප්‍රතිචක්‍රිකරණය කරන හරි තැනකට එකතු කරලා දෙන්න බලමු .. ඒකයි හොඳම දේ.

තව දෙයක් බස් එකේ , කෝච්චියේ යද්දී තාමත් ගොඩ දෙනෙක් එළියට විසි කරනවා.. දැක්කොත් අනිවා එයාලට කියන්න හයිය ගනින්.. මූණටම කියපන්.. හොඳ නෑ කියලා.. හැදෙන්නේ නැතිවෙන්න පුළුවන්.. කතා අහගන්න වෙන්නත් පුළුවන්.. හැබැයි ඒ උත්සාහය සල්ලි වලින් අගයක් දෙන්න බැරි තරම් වටිනවා.. ❤💪

එහෙනම් ජය.. අපි ගහකොළ පරිසරයට රටට ආදරේ සංවේදී පිරිසක් ඇති කරමු.. දවසකට කෙනෙක් හරි වෙනස්කරන්න බලමු.. 🙏🙏🙏

Coin Marketplace

STEEM 0.20
TRX 0.16
JST 0.030
BTC 65834.12
ETH 2676.99
USDT 1.00
SBD 2.89