රටේ දේශපාලනය-3

1000116082.jpg
source
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද article එක ලියන්නේ දේශපාලනික වශයෙන් රටේ විශාල වෙනස්කමක් සිදුවුණු දවසක.ඒ වගේම අද ලියන article එකත් දේශපාලනයට සම්බන්ධ නිසා, මේක ගොඩක් දුරට විශේෂ වෙනවා.ඉතින් මටත් සතුටුයි මේ article එක මේ වෙලාවටම සෙට් වුන එක ගැන.හරි ඉතින් ගිය පාර අවසන් කරේ ජනාධිපතිවරණයත් එක්කනෙ.ඉතින් අනුර කුමාර දිසානායක ජනාධිපති වීමත් සමග ජනාධිපතිවරයා සතු අනවශ්‍ය වියදම් විශාල ලෙස කපා හරින්නට ඔහු කටයුතු කළා.ඒ අතර ආරක්ෂාව, වාහන පෙළපාලි, උත්සව ආදිය වගේම තමන්ට ලබාදෙන ආහාර වේලේ ඉඳන් වෙනස් කරමින් වියදම් කපා හරින්නට වගේම ඉතා කුඩා ඇමති මණ්ඩලයක් පත් කරන්නත් ඔහු කටයුතු කළා.ඒ අනුව තිදෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයද එලෙසම කටයුතු කළේ අනවශ්‍ය වියදම් විශාල ලෙස අඩු කරමින්.ඉතින් හරිහැටි පාර්ලිමේන්තු බලයක් රහිතව ඔවුන්ට ගන්න පුළුවන් වැදගත් වගේම වටිනා තීරණ කීපයක්ද ගනිමින් මිනිසුන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.

ඉතින් ඒ විදිහට පෙරේදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර ගොඩක් අය අතර කතාවුනේ ජනාධිපතිවරණය තරම් මේ පාර නම් මාලිමාවට එතරම් ජනතා රැල්ලක් නොපවතින බවටයි. ජාතික ජනතා බලවේගය ප්‍රධාන සටන් පාඨය වුණේ මෙවර පාර්ලිමේන්තුව තුල ශ්‍රමදානයක් සිදු කරන බවටයි.එය මිනිසුන් අතරද හොදින් ඇදී ගියේ මේ අදම දූෂිත දේශපාලකයින්ගෙන් ජනතාව හොඳටම හෙම්බත් වෙලා හිටපු නිසා.ඉතිං රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරමින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණේ කිසිම පක්ෂයකට කළ නොහැකි වූ උතුරේ ජනතාවගේ සහයත් තම පක්ෂය වෙත ළඟා කර ගනිමින්.ඒ අනුව 2/3 ක බලයක් පාර්ලිමේන්තුව තුළ සනාථ කරගනිමින් ආසන 159ක් තමන් සතු කර ගත්තේ ඔවුන් සිතූ පරිදි ජනතාව පාර්ලිමේන්තුව තුළ දැවැන්ත ශ්‍රමදානයක්ද සිදු කරමින්.ඒ අනුව රටේ පෙරලිකාර්ම දේශපාලනික වෙනසක් ඇති කරන්නට ජාතික ජන බලවේගයට ජනතාව සහය දුන්නේ පැහැබර අනාගතයක්, දූෂණයෙන් වංචාවෙන් තොර රටක් අපිට අනාගතයේදී බලා ගැනීමේ අරමුණින්…

Sort:  

This post has been upvoted by @italygame witness curation trail


If you like our work and want to support us, please consider to approve our witness




CLICK HERE 👇

Come and visit Italy Community



Hi @ayesha98,
my name is @ilnegro and I voted your post using steem-fanbase.com.

Come and visit Italy Community

Coin Marketplace

STEEM 0.21
TRX 0.20
JST 0.035
BTC 91063.28
ETH 3157.52
USDT 1.00
SBD 3.02