නිදහස් අද්යාපනයට ස්තූතියි
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියල හිතනව . අද ලියන්න යන්නෙ අපි හැමොටම වැදගත් මාතෘකාවක් ගැන.ගොඩක් අය කියනව වගේ අපි ඉපදෙද්දි දුප්පත් වෙන එක අපේ වරදක් නෙවෙයි. නමුත් අපි මැරෙද්දිත් දුප්පත් වීදියටම මැරෙනවන්ම් ඒක අපේ වැරැද්දක්.ඉතින් අපිට ඒ දුප්පත් කමින් මිදෙන්න ලැබුන හා තාමත් ලැබෙන එකම පිලියම තමයි නිදහස් අද්යාපනය. අපේ වාසනාවට අපිට ඒක නොමිලේම ලබාගන්න අවස්තාව උදාවෙලා තියෙනව.නිදහස් අද්යාපනය නිසා ජීවිතේ ගොඩදාගත්තු , රටේ විතරක් නෙවෙයි ලෝකයේම කීර්තිය පතුරවන්නට සමත් වුනු ශ්රී ලාංකිකයන් ගැන අපිට අහන්නට දකින්නට ලැබිල තියෙනව. ඉතින් ඒ විතරක්ද බොහෝ දුරට ඔබත් මමත් මේ ඉන්න තැනට එන්න ලැබුනේ නිදහස් අද්යාපනය නිසාම තමයි. මේ කතාවත් ඒකට හොද උදාහරණයක්.
-අදත් හරි වැස්ස, හැබැයි එදා වගේ අද මම තෙමුනේ නෑ-❤️
මීට අවුරුදු හතකට කලිං, මතක විදියට 2014 පෙබරවාරි මාසෙ 27 වෙනිදා හවස මම එනවා තනියම කොලඹට, මොරටුව විශ්ව විද්යාලය හොයාගෙන. කැම්පස් පටන් ගන්න තිබ්බෙ ඊට පහුවදා. තනියම එන්නෙ මම පොරක් හන්දා නෙවෙයි එක්කෙනෙක්ට වඩා එන්න ගෙදර සල්ලි නොතිබුන හන්දයි, මාව ඇරලවන්න එන්න අම්මවත් තාත්තවත් ගාල්ලෙන් මෙහාට රටතොට දැකලා නැති හන්දයි😞.
ඒ එද්දි හොදටම වහිනවා. හිතවත් කෙනෙක් හොයලා දුන්න බෝඩිම හොයාගෙන පාරවල් නොදන්න හන්දා කටුබැද්ද හන්දියෙ ඉදන් සුවාරපොල කිට්ටුවටම පයින් ආවා. මගෙ කරේ උසස්පෙළ කාලෙ ඉදන් දාපු බෑග් එක (CR පොත් එහෙම දාගෙන ආවෙ ගැම්මට 😀). අතේ අක්කා විද්යාපීථ ඉන්න කාලෙ පාවිච්චි කරපු ගෑනු ලමයි පාවිච්චි කරන ට්රැවලින් බෑග් එකක්. ඔය දෙකත් එල්ලගෙන මෙතනට ඇවිල්ලා කීප දෙනෙක්ගෙන්ම ඇහුවා පාර ගැන. ඒ අහද්දි තව ලමයි ගොඩක් මං වගේම පාරවල් හොයනවා හැබැයි තනියම නෙවෙයි. එක්කො අම්මා එක්ක එක්කො තාත්තා එක්ක නැත්තං තව කවුරුහරි භාරකාරයෙක් එක්ක. ඒත් මං තනියම..........😥 ඒ හැගීම කියලා වැඩක් නෑ. බෝඩිම හොයාගද්දි කටුබැද්දෙන් බැහැපු වෙලාවෙ ඉදන් පැය 2කට වඩා ගෙවිලා.
ඔහොම පටන් ගත්තු ඒ ජීවිතේ අවුරුදු හතකට විතර පස්සෙ අද මම මගේම වාහනේකින් මගේ වැඩකට යන ගමන් එතන මොහොතකට නැවතුනා. හැමදේම මතක් වුනා. අදත් හරි වැස්ස. හැබැයි එදා වගේ අද මම තෙමුනේ නෑ 🙂.
🙏ස්තූතියි නිදහස් අධ්යාපනේට, අපිට හිටපු ජීවිතෙන් ගොඩ එන්න දීපු හයියට🙏