අරගලයේ දවසක් 🖤
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලයට අදට දින 44යි. මම අද කියන්න යන්නේ අරගලයේ 32 වෙනි දිනය ගැන. එදා මුළු රටටම ඇදිරි නිතිය දාලා තිබුන දවසක්. මමයි මගේ යාලුවෙකුයි අපි දෙන්නා හිටියේ මාළබේ. එදා කඩවල් එහෙම වහලා තිබුන නිසා අපි දෙන්නා එදා දවසටම කන්න ආවේ හවස 03ට විතර. කොහොම හරි මාළබේ ටවුන් එකේ එකම එක කඩයක් ඇරලා තිබ්බා. එකෙන් තමා අපි දෙන්නා බඩකට පුරව ගත්තේ. මගේ යාළුවා කියන්නේ අරගලයේ ඉන්න ක්රියාකාරි සමාජිකයෙක්. අපි දෙන්නට එදා අරගලයට යන්න උමනාව තිබ්බත්, එදා කොළඹ හැමතැනම හමුදාව හිටපු නිසා අපි දෙන්න කතාවුනේ යන්න දෙන එකක් නෑ අපි ගෙදර යමු කියලා.
ඒ උනාට ටික දුරක් යද්දි යාළුවා ඇහුවා නිකමට ගිහිල්ලා බලමුද යන්න පුලුවන් උනොත් කියලා. මාත් කිව්වා මට අවුලක් නෑ, යනවනම් යමු කියලා. ඕනි එකක් වෙන්න කියලා අපි දෙන්නා බයික් එකේම ගෝල්ෆේස් ගියා. මොනා උනත් අපි දෙන්නා අවුලක් නැතුව ගෝල්ෆේස් එකට ආවා. අපි දෙන්නා එනකොට මිනිස්සු ගොඩාක් එකතුවෙලා ගෝල්ෆේස් එකේ පාරේ දෙපැත්තේ මිනිස් දම්වැලක් හැදිලා තිබ්බා.
ඊට පස්සේ අපි දෙන්නා කෙලින්ම ගියේ අරගලභූමියට. ජනාධිපති ලේකම් කාර්යාලය ගාව තියෙන ස්ටේජ් එක ලගට ගියාට පස්සේ මගේ යාලුවාව එතන හිටපු සහෝදරයෝ මහ ඉහලින් වගේම ලොකු සහෝදරකමකින් පිළිගත්තා. යාළුවා මාව පෙන්නුවාම මටත් ස්ටේජ් එකට කතා කලා. සහතික ගන්න ස්ටේජ් එකකට මීට කලින් නැඟලා තිබුණට එදා තමයි මං එච්චර සෙනඟක් ඉදපු තැනක ස්ටේජ් එකකට කැමැත්තෙන් නැගපු පළවෙනි වතාව. 🙂
ඩිලාන් සේනානායක, රැට්ටා, කෝනාර ඒ ඔක්කොම එදා අරගලභූමියේ හිටියා. හැබැයි ඒ අය රෑවෙලා යන්න ගියා. අපි දෙන්නට ගෙදර යන්න විදිහක් තිබුනේ නෑ මොකද ඇදිරි නීතිය තියෙන නිසා රෑකොහොමත් ගමන් බැරි නිසා. ඒ නිසා එදා රැය පහන් කරන්න උනේ ගෝල්ෆේස් එකේ.
පාන්දර 02 විතර වෙනකන් හෙන ගැම්මට හිටියත් ඊට පස්සේ ටික ටික නිදිමත ආවා. නිදාගන්න කිසිම තැනක් තිබුනේ නැති නිසා ගෝල්ෆේස් එකේ පාර අයිනේ තමා ඉන්න උනේ. හැබැයි මුහුදු හුළග ගොඩක් සැර නිසා පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. ඊට පස්සේ එතන තියෙන එළිමහන් රංගපීඨේ ස්ටේජ් එකේ නිදාගන්න හැදුවා ඒ හරි ගියෙත් නෑ. හුළග නිසා හරිම අමාරුයි. කරන්න දෙයක් නැති නිසා ආපහු ගියා අරගලභූමියට. එතන හිටපු කිසිම වෙලාවක බඩගින්නේ නම් හිටියේ නෑ. ඕනිම වෙලාවක කන්න කෑම තියෙනවා. මාළු පාන්, එළවළු රොටි, පාන්, බත්, බුරියානි ඔය වගේ කෑම එතන තිබ්බා.
මේ උඩ පොටෝ එක ගන්නකොට වෙලාව පාන්දර 04ට විතර ඇති. නොනිදන අරගලභූමියේ මේ ස්ටේජ් එකේ කතාකරන අයියා දවල් වෙලාවට හරි හවස් වෙලාවට හරි මහා සෙනගකින් පිරිලා තියෙන මේ භුමියේ, ඒ වෙලාව වෙනකොට තාමත් ඇහැරගෙන ඉන්න දහයකට පහලවකට හරි නොනවත්වා අරගලභුමියේ උගුර ලේ රහ වෙනකන් හඩනගමින් ජවය තියාගෙන ඉන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන අරගලය ජයගන්න නේද කියලයි මට හිතුනේ. පාන්දර 04 වෙද්දි ලංකාවේ මිනිස්සු 90%ක් ගෙවල් වලට වෙලා තමන්ගේ ඇදේ සැපට නිදාගෙන ඉන්නකොට, අරගලයට ආපු මිනිස්සු ගෝල් ෆේස් එකේ පාරදෙපැත්තේ තැන තැන සීතලේ පාරේ වැටිලා නිදාගෙන ඉන්නකොට හිතෙන එකම දේ, මේ මිනිස්සුන්ට තමන්ගෙම කියලා ගෙවල් තිබිලත් මොන පවක් කලාටද මේ පාරේ දුක්විදින්නේ කියලා..💔
මාත් ඒ වගේම මුහුදෙන් එන හීතල හුළඟ ඉවසගන්න බැරුව නිදාගන්නවත් තැනක් නැති උනාම අවසානෙදි මට හිතුනේ වගකිවයුත්තන්ටසාපවේවා කියල විතරයි..👋
එහෙනම් යාළුවා අරගල එක්කම ඉන්න කෙනෙක් වෙන්න ඇති.
ඔව් දවස් 20ක් විතර වත් ගිහිල්ලා තියෙනවද කොහෙද..
අපෙත් ඔහොම යාලුවෙක් ඉන්නවා. මිනිස්සු වෙනුවෙන් හැමදේටම පෙනී ඉන්න. ඒ අය ඉන්න එක වාසනාවක්
ඔව් ඒක ඇත්ත ❤️
මෙහෙම මිනිස්සු ඉන්න එක ඇත්තටම වාසනාවක් ❤️
ඔව්❤️
Hamoma gana hitala duk widina me wage aya nisa tamai aragalaya adatat tiyenne..... Hats off for them!
ඔව් ඒ අය විදින දුක දැක්කාම කියන්න වචන නෑ..💔
මේ කතාවට 100%ක් එක්ඟයි. එක රැයක් එළිවෙනකම් මාත් ගිහින් හිටියා. ඒක අමාරුයි. එයාල කරන කැපකිරීම ගැන කියන්න මට වචන නෑ.
ඔව් එහෙම හිටපු අය තමා ඒකේ දුක දන්නේ 🤕