අවසන් වසර , අවසන් දවස
Academic ඉවර වෙලා කොහොම හරිකරලා job එකක් හොයාගෙන මේකෙන් out වෙනකන් බලාගෙන හිටියත් ඒ දවස් ලන් වෙද්දී හිතට කොච්චර අමාරුදකියලා දැනෙන්න හිතන්නෙවත් නැති විදිහට. මේක ඇතුලෙ ඇති ගොඩක් යාළුවන් ආශ්‍රය කරේ නැති උනත් හිටපු යාළුවන් හත් අට දෙනා ගොඩක් ලගින් ආශ්‍රය කරේ සහෝදරයන්, සහෝදරියන් විදියටමයි.ඒ නිසාම උන් ටික අත ඇරලා යන එකත් එච්චර ලේසි වුණේ නෑ.අපිට හැමදාම එකට ඉන්න බැරි බව දන්නවා වුනත් , වෙන්වීම් කියන එක සාමාන්‍ය දෙයක් උනත් හිතට දැනුණු බැඳීම් වෙන් වෙද්දී දරාගන්න ටිකක් අමාරුයි.ඉතින් මේ යාළුකමුත් ඒ වගේ තමයි.අපිට academic ඉවර වෙලා සතියක් විතර දැන් වෙන්නේ.ඉතින් ඒ ඉවර වුණ දවස නම් ඔවුන්ට සමුදුන්න දවස නම් ජීවිතේ ගොඩක් මතක තියෙන, දුක හිතෙන දවසක්.ගොඩක්ම හිතට අමාරු බෝඩිමේ එකට අවුරුද්දක් තිස්සෙ ඉඳපු උන් තුන්දෙනා වෙන් වුන එක .ඉතින් එයාල ගැන article එකක් ඊලග එකේ ලියන්නම්.ඉතින් මේ අවසන් වසර ගැන ලියවුනු ලස්සන article එකකුත් මට මුහුණු පොතෙන් කියවන්න හම්බුනා.ඉතින් ඒකත් මේ එක්ක්ම දාන්න මට හිතුනා.
අවසන් වසර,
අපට තවදුරටත් කිසිදා ලෙක්චස්, අසයිමන්ට්, මිඩ්, වයිවා, ප්‍රශන්ටේශන්, රිසර්ච්, එක්සෑම්ස් නොපැවැත්වෙනු ඇත,
"උඹ අද ලෙක්චස් යන්නෙ නැද්ද? කම්මැලි නැතුව ලෙක්චස් යමු" යැයි නැවත කිසිවෙක් කතා නොකරනු ඇත,
"උඹට නෝට් තියේද පාඩම් කරන්න. හිටපන් මම ළඟ තියෙන නෝට්ස් ටික එවන්නම් උඹට. පාඩම් කරපන්" කියන මිතුරෙක් ළඟ නොසිටිනු ඇත,
"උඹට අසනීප ද? වරෙන් බෙහෙත් ටිකක් ගේන්න යන්" යැයි පවසන මිතුරන් නැවත හමු නොවනු ඇත,
"අද ගෙදරින් බත් එකක් ගෙනාවා. වරෙන් කට්ටිය එක්ක කමු" කියා කන බත් එක නැවත කන්නට නොලැබෙනු ඇත,
"උඹ ප්‍රශ්නෙකද ඉන්නෙ, ඕව වැඩිය හිතන්නෙපා බන්. මේ ඉන්න ටික කාලෙ හිනා වෙලා ඉමු" කියන මිතුරන් අහිමිව යනු ඇත,
තව නොබෝ දිනකින් මතක පමණක් ඉතිරි කොට එකිනෙකා තම තමන්ගේ හීන හැබෑ කරගන්න විසිර යනු ඇත.
ඉතින්,
යම් දවසක නැවත හමුවීමේ පොරොන්දු පිට එකිනෙකා අපගේ ජීවිතයෙන් නික්ම යනු ඇත🥺❤️
සරසවිය
රසවිය
සවිය
විය